Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby 19 න් පහළ ලීග් රග්බි 4දා සිට

19 න් පහළ ලීග් රග්බි 4දා සිට

යොහාන් භාසුර - 2020 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් රග්බි තරගාවලිය කොළඹදී 04 වැනිදා ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර තරගය බම්බලපිටියේදී හෙට පස්වරු 4.00 ට පැවැත්වේ.

මෙවර තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ප්‍රබලතම කණ්ඩායම් 12 තරග කරයි. එහි ‘ඒ 1’ කාණ්ඩයට කොළඹ රාජකීය, මරදාන ශාන්ත ජෝශප්, ගල්කිස්ස සාන්ත තෝමස්, මහනුවර ත්‍රිත්ව, මහනුවර කිංග්ස්වුඩ් සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි යන විදුහල් ඇතුළත් වෙයි.

බම්බලපිටිය ශාන්ත පීතර, බොරැල්ල වෙස්ලි, කොළඹ 05 ඉසිපතන, ගල්කිස්ස විද්‍යා, මහනුවර විද්‍යාර්ථ සහ මහනුවර ධර්මරාජ යන විදුහල් ‘ඒ 2’ කාණ්ඩයේ තරග කරයි.
පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ මරදාන සහිරා, කුරුණෑගල මලියදේව, කොළඹ ලුම්බිණි, මොරටුව වේල්ස් කුමර, ගාල්ල ශාන්ත ඇලෝසියස්, කොළඹ මහානාම (‘බී 1’) කොළඹ ඩී. එස්. සේනානායක, මහනුවර ශ්‍රී සුමංගල, කොළඹ තර්ස්ටන්, කොළඹ ආනන්ද, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් සහ කොටහේන ශාන්ත බෙනඩික් (‘බී 2’) යන විදුහල් තරග කරයි.

පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ පිළියන්දළ මැදි මහ විදුහල, කටුගස්තොට ශ්‍රී රාහුල, සිරි පියරත්න, පන්නිපිටිය ධර්මපාල, නුගේගොඩ ශාන්ත ජෝන්, පානදුර ශ්‍රී සුමංගල (සී 1), රත්ගම දේවපතිරාජ, ගාල්ල රිච්මන්ඞ්, මොරටු මහ විදුහල, කොළඹ නාලන්දා, බොරැල්ල කේරී සහ බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර ((සී 2) යන විදුහල් තරග කරයි.

මෙවර ලීග් තරගාවලිය අප්‍රේල් මස 5 වැනිදා අවසන් වේ. ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ලබන ජූනි මස මුල ආරම්භ වීමට නියමිතය.  

මෙවර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මඟ හරින කණ්ඩායම්වලට දඩුවම් පැනවීමට හැකිවන පරිදි නීති සම්පාදනය කර ඇති බවට පාසල් රග්බි සංගමයේ සභාපති බී. ඒ. අබේරත්න මහතා පැවසීය.

 කොළඹ රාජකීය විදුහල පසුගිය වසරේ ලීග් ශූරතාව දිනාගත් අතර බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයන් බවට පත්විය.  

 

පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ පළමු සතියේ කාලසටහන

● මාර්තු 4 - ශාන්ත පීතර විදුහල සහ ධර්මරාජ විදුහල අතර බම්බලපිටියේදී
● මාර්තු 5 - ශාන්ත ජෝශප් විදුහල සහ කිංග්ස්වුඞ් විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී
● මාර්තු 6 - වෙස්ලි විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර සී. ආර්. පිටියේදී
● මාර්තු 6 - සාන්ත තෝමස් විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර පල්ලෙකැලේ රග්බි පිටියේදී
● මාර්තු 7 - ඉසිපතන විදුහල සහ විද්‍යා විද්‍යාලය අතර හැව්ලේක්ස් පිටියේදී
● මාර්තු 7 - රාජකීය විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹදී

 


අදහස් (0)

19 න් පහළ ලීග් රග්බි 4දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.