Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මස මුල අත්හිටුවූ ‘ඩයලොග්’ කුසලාන අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කිරීමට තවත් මාස හතරක් පමණ ගතවනු ඇතැයි පාසල් රග්බි ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙම තරගාවලිය මෙහෙවයි.
මෙම තරගාවලිය උසස් පෙළ විභාගයෙන් පසුව එනම් ලබන අගෝස්තු මාසයෙන් පසුව ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි පාසල් රග්බි සංගමයේ නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුසන්ත මෙන්ඩිස් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ තරගාවලිය ආරම්භ කිරීමේ දිනයක් තීරණය කිරීමට සඳහා පළමුවෙන්ම පාසල් ආරම්භ කළ යුතු බවයි.
“මැයි 11 වැනිදා පාසල් ආරම්භ කළා නම් අපිට තරගාවලිය ආරම්භ කරන්න තිබුණා. නමුත් දැන් පාසල් ආරම්භ කරන දිනයක් කියන්න බෑනේ. ඒ නිසා අපිට තරගාවලිය ආරම්භ කරන දිනයක් කියන්න බෑ”
“අපි කෙසේ හෝ තරගාවලිය පැවැත්විය යුතුයි. එසේ නොවුණ හොත් දරුවන්ටයි අසාධාරණය වෙන්නේ” යැයි මෙන්ඩිස් මහතා වැඩි දුරටත් පැවසීය.
වයස 19 න් පහළ රග්බි තරගාවලියේ සම්ප්‍රදාය අනුව උසස් පෙළ විභාගය සඳහා අගෝස්තු මස තරගාවලිය අත්හිටුවයි. ඒ අනුව ජූලි මස පාසල් ආරම්භ වුවහොත් මෙම තරගාවලිය ආරම්භ කිරීමට සැප්තැම්බර් මස මුල සතිය පමණ වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
සමස්ත ලංකාවේම පාසල් මාර්තු මස 12 වැනිදා වසාදැමීමෙන් පසුව මෙම තරගාවලිය අත්හිටුවන විට පළමු වටයේ තරග කීපයක් පමණක් අවසන්ව තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.