Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘නෙස්ලේ’ ලංකා සමාගමේ උප සභාපති නෝමන් කන්නංගර මහතා විසින් පාසල් රග්බි සංගමයේ සභපති, ජාතික පාසල් අධ්‍යක්‍ෂ රංජිත් චන්ද්‍රසේකර මහතාට අනුග‍්‍රහයක චෙක්පත නිල වශයෙන් පිරිනමන ලද අවස්ථාව. නෙස්ලේ සමාගමේ උප සභාපති (සාමූහික කටයුතු) බන්දුල එගොඩගේ, නෙස්ලේ සමාගමේ අනුග‍්‍රහක කටයුතු කළමණාකරු සජීව වික‍්‍රමසිංහ (වමේ), පාසල් රග්බි සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් සහ භාණ්ඩාගාරික එන්. විජේරාම (දකුණේ) යන මහත්වරු ද මෙහි වෙති.
ශ‍්‍රී ලංකා පාසල් රග්බි සංගමය, මයිලෝ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන වයස් කාණ්ඩ කනිෂ්ඨ රග්බි තරගාවලියේ වයස 14 න් පහළ පළමු කොටසේ රග්බි තරගාවලිය හෙට සහ අනිද්දා (2 සහ 3) දෙදින කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ. පාසල් 24 ක් සහභාගි වන මෙම තරගාවලිය කණ්ඩායමකට ක‍්‍රීඩකයන් 12 ක තරගාවලියක් ලෙස පැවැත්වේ.
පාසල් ක‍්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාදීමේ අරමුණින් මෙවර සියලූම වයස් කාණ්ඩවල තරග සම්පූර්ණ ක‍්‍රීඩාංගණය යොදාගෙන මීට පෙර පැවැතියාට වඩා වැඩි කාලයක් ලබා දෙමින් පවත්වන අතර සියලූම වයස් කාණ්ඩවල ක‍්‍රීඩකයන්ට රග්බි පාවහන් පැළද ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.
මෙවර පළමු වරට වයස 18 න් පහළ ලීග් තරගාවලියක් සහ සත් සාමාජික තරගාවලියක් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබේ. මෙම තරගාවලියට පාසල් 33 ක් සහභාගි වන අතර මේ වන විට තරග ආරම්භ වී තිබේ. අවසන් මහ තරගය සැප්තැම්බර් මස 6 වැනිදා කොළඹදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.
කනිෂ්ඨ තරගමාලාවේ වයස 16 න් පහළ දස සාමාජික තරගාවලිය මේ මස 23 සහ 24 මහනුවරදී පැවැත්වේ. වයස 12 ත් 13 ත් අතර ක‍්‍රීඩකයන්ගේ රග්බි සැණකෙළිය මේ මස 29 සහ 30 දෙදින කොළඹදී පැවැත්වේ.
වයස 16 න් සහ 14 න් පහළ දෙවැනි කොටසේ තරගාවලි ඔක්තෝම්බර් මස කුරුණෑගලදී සහ රුවන්වැල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. බාලිකා රග්බි තරගාවලිය ඔක්තෝම්බර් මස 25 සහ 26 දෙදින රුවන්වැල්ලේ පැවැත්වේ.
පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රග්බි ක‍්‍රීඩාවට ආකර්ශනය කර ගැනීමේ අරමුණින් සෑම වයස් කාණ්ඩයකම දක්‍ෂතම ක‍්‍රීඩකයාට සම්මාන පිරිනැමීමට ද නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.