Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක් - මහනුවර - සී.එච්. ස්ථාන වෙන්කර ගනිති
අන්තර් සමාජ රග්බි ලීගය

හැව්ලොක් - මහනුවර - සී.එච්. ස්ථාන වෙන්කර ගනිති

editorial - 2022 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ‍්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ තවත් තරග 4 ක් ඉතිරිව තිබියදීම කුසලාන වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැව්ලොක්, මහනුවර සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. යන කී‍්‍රඩා සමාජ සමත්ව සිටිති. 

කුසලාන වටයට සුදුසුකම් ලබාගන්නා සිවුවැනි කණ්ඩායම බවට පත්වීමට ගුවන් හමුදාවට, පොලිසියට සහ යුද හමුදාවට තවමත් අවස්ථාව පවතින අතර නාවික හමුදාවට සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායමට මේ වන විටත් පළඟ වටය යටතේ තරග වැදීමට සිදුව තිබේ. 

හත්වැනි සතිය අවසන් වන විට තවදුරටත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැුකගැනීමට හැව්ලොක් කී‍්‍රඩා සමාජය (ලකුණු 33) සමත්ව ඇති අතර මේ දක්වා සහභාගි වී ඇති තරග 6 ප‍්‍රසාද ලකුණු 3 ක්ද සමග ජයගැනීමට හැව්ලොක් කී‍්‍රඩකයෝ සමත්ව සිටිති. 

හැව්ලොක් කණ්ඩායමට අමතරව තවදුරටත් තරගාවලිය තුළ අපරාජිතව සිටින එකම කණ්ඩායම වන මහනුවර කී‍්‍රඩා සමාජය (ලකුණු 30), තමන් සහභාගි වූ තරග 5 ම ප‍්‍රසාද ලකුණද සමග ජයගනිමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

මෙතෙක් සහභාගි වූ තරග 6 න් 3 ක් ජයගෙන 3 ක් පරාජයට පත්ව සිටින සී.එච්. ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩා සමාජය, ප‍්‍රසාද ලකුණු 5 ක්ද සමග ලකුණු 20 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. එහි විශේෂත්වය වන්නේ පරාජයට පත්වූ තරග 2 කදීද සී.එච්. කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු හිමිව තිබීමය. 

තරගාවලිය නිමාවීමට තවත් තරග 4 ක් ඉතිරිව ඇති අතර ඉන් තරග අටවැනි සතියේදීද, සෙසු තරග දෙක නමවැනි සතියේදීද පැවැත්වීමට නියමිතය. ඒ අනව 12 වැනිදා සී.එච්. කණ්ඩායමට එරෙහිව පොලිසිය තුරඟ තරග පිටියේදීද, 13 වැනිදා මහනුවර කණ්ඩායමට එරෙහිව යුද හමුදාව හැව්ලොක් පිටියේදීද තරග වැදීමට නියමිතය. 

පොලිසියට එරෙහිව යුද හමුදාව 19 වැනිදා පොලිස් පිටියේදී තරගවදින අතර හැව්ලොක් කණ්ඩායමට එරෙහිව මහනුවර කණ්ඩායම නිත්තවෙලදීද තරග බිමට පිවිසීමට නියමිතව ඇත්තේ 20 වැනිදාය. මෙම තරග 4 හි ප‍්‍රතිඵල අනුව කුසලාන වටයට සුදුසුකම් ලබාගන්නා අවසන් කණ්ඩායම සහ පළඟ වටය යටතේ කී‍්‍රඩා කිරීමට සිදුවන සෙසු කණ්ඩායම් 2 කුමක්දැයි තීරණය වනු ඇත. 

පොලිසිය සහ යුද හමුදාව තරගාවලියේ කුසලාන වටයට සුදුසුකම් ලබාගැනීමට නම් ඔවුන් සහභාගිවන තරග 2 ම ජයගත යුතු වේ. එහිදී එක් තරගයක් හෝ ඔවුන් පරාජයට වුවහොත් මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවන ගුවන් හමුදාව (ලකුණු 17) කුසලාන වටයට පිවිසෙනු ඇත. 

මේ වන විට ලකුණු 11 ක් ලබා සිටින පොලිසිය ඔවුන් සහභාගි වීමට නියමිත තරග දෙකෙන් එකක් ප‍්‍රසාද ලකුණද සමග ජයගැනීමට සමත් වූවහොත් ලකුණු 17 ක් ලබා ගුවන් හමුදාව සමග සම වනු ඇත. එසේ වුවහොත් එම කණ්ඩායම් දෙක සහභාගි වී ඇති තරගවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ඇති කණ්ඩායම කුසලාන වටයට සුදුසුකම් ලබනු ඇත. 

 


අදහස් (0)

හැව්ලොක් - මහනුවර - සී.එච්. ස්ථාන වෙන්කර ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.