අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතියේ තරග අවසන් කරමින් හැව්ලොක්ස් පිටියේදී අද (23) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයේදී හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 34-5 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් වූහ.
ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් හතරකින් ලකුණු ලැබූ අතර සී. එච්. පිලට උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට හැව්ලොක්ස් පිල ලකුණු 22-5 කින් පෙරමුණේ පසුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.