Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සූරි - ගයාන් පළමු තරගයට නෑ

සූරි - ගයාන් පළමු තරගයට නෑ

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ආසන්නතම ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජයේ පළමු තරගය සඳහා ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ ගයාන් වීරරත්න සහභාගි නොවෙති. ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ ගයාන් වීරරත්න ශාරීරික ආබාධයන්ට ලක්ව සිටීම හේතුවෙන් මෙම තරගයට සහභාගි නොවෙති.

මහනුවර පිලේ පළමු තරගය අද (10 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙවර මහනුවර පිලේ නායකයා ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ හිටපු ක්‍රීඩක මෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කළ රිචඞ් ධර්මපාල කටයුතු කරයි.  මහනුවර පිලට ධනුෂ්ක රංජන්, රොෂාන් වීරරත්න, ලවන්ග පෙරේරා, බුවනෙක උඩංගමුව, තිළිණ වීරසිංහ, ෂෙහාන් පතිරණ, ධනුෂ්ක දයාන්, යකුබ් අලී සහ ඉමාද් රියාල් යන ප්‍රබල ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.

එක්සත් ආරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම නියෝජනය කළ ඉමාද් රියාල්, ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයකු ලෙස මෙවර පළමු වරට මහනුවර පිල නියෝජනය කිරීම කැපී පෙනේ. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයකු ලෙස සැළකෙන ෆාසීල් මරීජා සහ හිටපු ශ්‍රී ලංකා නායකයකු වන ෂෝන් විජේසිංහ මෙවර මහනුවර පිලේ පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති.   

මහනුවර ක්‍රීඩා සමාජ 1994 වසරේ සිට 18 වතාවක් පමණ ලීග් ශූරයන් බවට පත්ව තිබේ.   


 - 048

 


අදහස් (0)

සූරි - ගයාන් පළමු තරගයට නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.