Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි සතිය යටතේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී අද (17) පස්වරුවේ පැවැති තරගයේදී සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල ලකුණු 28-22 කින් නාවික හමුදා පිල පරාජය කිරීමට සමත් විය.
සී. ආර්. පිල මෙම ජයග්‍රහණයත් සමඟ පිට පිටම දෙවැනි ජය ලැබීය.
ජයග්‍රාහි සී. ආර්. පිල ගෝලයකින් සහ දඩුවම් පහර හතකින් ලකුණු රැස්කළේය. නාවික හමුදා පිලට ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට සී. ආර්. ක්‍රීඩකයෝ ලකුණු 19-15 ක් ලෙස පෙරමුණේ රැදී සිටියේය.
තරගයේ අටවැනි මිනිත්තුවේදී රදීෂ සෙනෙවිරත්න සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 7-0 ක් ලෙස නාවික හමුදා පිල ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.
තරින්ද රත්වත්තේ 12 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට සාර්ථක කළ දඩුවම් පහරත් සමගින් ලකුණු පුවරුව 7-3 ක් බවට පත්වූ අතර ඉන් මිනිත්තු තුනකට පසුව තිළිණ වීරසිංහ සාර්ථක කළ දඩුවම් පහරත් සමගින් නාවික හමුදා පිල ලකුණු 10-3 ක් ලෙස තව දුරටත් ඉදිරියට ඇදුණේය.
තරින්ද රත්වත්තේ 24, 31 සහ 33 වැනි මිනිත්තුවලදී පිට පිටම සාර්ථක කළ දඩුවම් පහර තුනත් සමගින් සී. ආර්. පිල ලකුණු 12-10 ක් ලෙස පළමු වරට ඉදිරියට පැමිණියේය.
නිරෝෂන් පෙරේරා 39 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් නිසා නාවික හමුදා පිල ලකුණු 15-12 ක් ලෙස නැවත ඉදිරියට පැමිණිය ද, 40 වැනි මිනිත්තුවේදී මිතිල පෙරේරා ගෝල කණු අතර තැබූ පන්දුවට තරින්ද රත්වත්තේ අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ නාවික හමුදා පිල ලකුණු 19-15 ක් ලෙස ඉදිරියෙන් සිටියදී පළමු අර්ධය අවසන් විය.
තරින්ද රත්වත්තේ දෙවැනි අර්ධයේ 16 සහ 22 වැනි මිනිත්තුවලදී සාර්ථක කළ දඩුවම් පහර දෙකත් සමඟින් සී. ආර්. පිල ලකුණු 25-15 ක් ලෙස ලකුණු 10 ක වාසියක් ලබාගත්තේය.
නාවික හමුදා පිලේ නිරෝෂන් පෙරේරා දෙවැනි අර්ධයේ 33 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම චතුර සෙනවිරත්න ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 25-22 ක් බවට පත්විය.
තරින්ද රත්වත්තේ 36 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ හත්වැනි දඩුවම් පහරත් සමගින් ලකුණු පුවරුව 28-22 ක් බවට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.