(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ මූලික වටය යටතේ මරදාන සහිරා විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 56-19 ක පහසු ජයක් වාර්තා කිරීමට සහිරා විදුහල සමත් විය.
සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 15-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සහිරා ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී උත්සාහක දිනුම් 3 ක් මගින් සහිරා විදුහල ලකුණු ලබාගත් අතර ධර්මරාජ විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි.
දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ සහිරා ක්‍රීඩකයන් ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 4 ක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 41 ක් එක්කර ගනිද්දී, ධර්මරාජ ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත කාලය නිමාවට පත්වන විට ධර්මරාජ විදුහලට වඩා සහිරා විදුහල ලකුණු 37 ක් ඉදිරියෙන් සිටියේය.




ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.