අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතිය යටතේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර ඊයේ (23) පස්වරුවේ පැවැති තරගයෙන් ශාන්ත අන්තෝනි විදුහල ක‍්‍රීඩකයෝ ලකුණු 31-23 ක ජයල් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රාහි ශාන්ත අන්තෝනි විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 4 කින් ලකුණු ලැබීය. ධර්මරාජ විදුහලට ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු එකතු විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-8 ක් ලෙස ශාන්ත අන්තෝනි විදුහල පෙරමුණේ රැදී සිටියේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.