Last Update  :  2025-12-05 11:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා - පිලිපීන තරගය හෙට

ශ්‍රී ලංකා - පිලිපීන තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු පළමු කොටසේ සිවුකොන් රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සහභාගි වන තෙවැනි සහ අවසන් තරගය පිලිපීනයට එරෙහිව හෙට (14 වැනිදා) පැවැත්වේ. මෙම තරගය හෙට පස්වරු 2.30 ට (ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් මධ්‍යාහ්න 12.00 ට) ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ අවසන් තරගය සත්කාරක මැලේසියාව සහ සිංගප්පූරුව අතර හෙට පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.     

ශ්‍රී ලංකා පිල මේ දක්වා සහභාගි වූ තරග දෙකේදී සිංගප්පූරුව පරාජය කළ අතර මැලේසියාව හමුවේ පරාජයට පත්විය.

පිලිපීනය, මැලේසියාව, ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව යන කණ්ඩායම් හතරම මේ වන විට සහභාගි වූ තරගය බැගින් ජය ලබා සිටී.  පිලිපීනය සහ මැලේසියාව ප‍්‍රසාද ලකුණු 6 බැගින් ලබා පළමු සහ දෙවැනි ස්ථානවල පසු වෙයි.

ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා තෙවැනි ස්ථානයේද, සිංගප්පූරුව ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා සිවුවැනි ස්ථානයේ ද පසු වෙයි.

 


අදහස් (0)

ශ්‍රී ලංකා - පිලිපීන තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.