Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාවට පළඟ අනුශූරතාව

ශ්‍රී ලංකාවට පළඟ අනුශූරතාව

යොහාන් භාසුර - 2019 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැති  ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තෙවැනි සහ අවසන් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල පළඟ අනු ශූරයන් බවට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ සිව්වැනි ස්ථානය හිමිකරගත්තේය.

ශ්‍රී ලංකා කාන්තා පිල හත්වැනි ස්ථානයට පත්විය.  

විදුලි ආලෝකය මධ්‍යයේ ඊයේ පස්වරුවේ පැවැති පළඟ ශූරතා අවසන් තරගයේදී චීනය විසින් ලකුණු 27-12 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.

ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේ පැවැති කුසලාන ශූරතා අවසන් පූර්ව තරගයේදී හොංකොං පිල හමුවේ ලකුණු 45-00 කින් පරාජය වීමෙන් පළඟ ශූරතාවට ඇද වැටුණි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ සහභාගි වූ පළමු වටයේ අවසන් තරගයේදී ලකුණු 35-10 කින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය පරාජය කරමින් කුසලාන ශූරතා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.  

තරගාවලියේ පළමු දිනයේදී දකුණු කොරියාව 24-10 කින් පරාජය කළ අතර හොංකොං හමුවේ 34-00 කින් පරාජයට පත්විය.

ජපානය කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී ලකුණු 17-12 කින් හොංකොං පරාජය කරමින් ශූරියන් බවට පත්විය.

ශ්‍රී ලංකා කාන්තා පිල පළමු වටයේ තරග තුනේදී ලකුණු 19-7 කින් මැලේසියාව පමණක් පරාජය කළ අතර සෙසු තරගවලදී සිංගප්පූරුව හමුවේ 29-00 කින් සහ හොං කොං හමුවේ 10-22 කින් පරාජයට පත්විය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට පළඟ අනුශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.