Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතයට ඇතුළත්ව සිටින මහනුවර ත්‍රිත්ව විදුහල් හිටපු ප්‍රබල වින්ග් ත්‍රී ක්‍රීඩක විශ්ව රණරාජා අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන රග්බි තරගාවලියේදී වන සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල නියෝජනය කරයි.
චීන තායිපේහිදී පැවැත්වෙන ආසියානු යොවුන් රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලට ද රණරාජා ඇතුළත්ව සිටියි.
මෙවර සී. ආර්. පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන මහනුවර විද්‍යාර්ථ විදුහලේ හිටපු ක්‍රීඩකයකු වන කවිඳු පෙරේරා කටයුතු කරන අතර ජාතික කණ්ඩායමේ තවත් ප්‍රබල ක්‍රීඩකයකු වන තරින්ද රත්වත්ත උප නායකත්වය දරයි.
සී. ආර්. පිල පසුගිය වසරේ ලීග් තරගාවලියේ පස්වැනි ස්ථානයට පත්වීම නිසා මෙවර විදේශ ක්‍රීඩකයකු සහභාගි කරවීමේ අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව සැමෝවා ක්‍රීඩක ජෝශප් ෆුමාඔනෝ සී. ආර්. සංචිතයට එකතුව සිටියි.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.