Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන ‘ඩයලොග්’ අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියට විදේශ ක්‍රීඩකයන් සහභාගි වීම අත්හිටුවන ලෙස සී.එච්. ඇන්ඞ් එෆ්.සී. පිල කොළඹ දිස්ත්‍රික් උසාවියේ ඊයේ (08) ගොනු කළ පෙත්සම ලබන දෙසැම්බර් මස 10 වැනිදා නැවත කැඳවීමට විනිසුරුවරයා තීරණය කර තිබේ.
මෙම නඩුව අද (09) කොළඹ දිස්ත්‍රික් උසාවියේදී කැඳවීය.
තරගාවලිය ආරම්භ කරමින් අද (09) පස්වරුවේ පැවැති තරග දෙකටම විදේශ ක්‍රීඩකයා බැගින් ක්‍රීඩා කළහ.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියකු පැවසුවේ සංගමය වෙනුවෙන් මෙහිදී නීතිඥයන් කරුණු දැක්වීමෙන් විදේශ ක්‍රීඩකයන්ට එරෙහිව විනිසුරුවරයා තහනමක් නොපැනවූ බවයි.
මෙවර තරගාවලියේදී පසුගිය වසරේ අවසන් කණ්ඩායම් හතර බවට පත්වූ සී. ආර්., යුද හමුදා, පොලිස් සහ ගුවන් හමුදා යන කණ්ඩායම්වලට විදේශ ක්‍රීඩකයකු බැගින් තරගවලට සහභාගි වීමේ අවස්ථාව මෙවර හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.