Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘මයිලෝ’ කුසලාන පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගයට වෙස්ලි විදුහල සුදුසුකම් ලැබීය. අද (8 වැනිදා) කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි පිටියේදී පැවති අවසන් පූර්ව තරගයේදී වෙස්ලි විදුහල විසින් ධර්මරාජ විදුහල පරදවා ලකුණු 22-13 ක ජයක් ලබාගත්තේය.
පාසල් රග්බි සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම තරගාවලියේ අවසන් තරගයට වෙස්ලි විදුහල සුදුසුකම් ලබාගත්තේ මෙවර පාසල් තරගාවලියේ ලීග් ශූරයන් වූ ධර්මරාජ පිල පරදවමිනි.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට වෙස්ලි විදුහල ලකුණු 19-5 ක් ලෙස පෙරමුණේ සිටියේය. ජයග‍්‍රාහි වෙස්ලි විදුහලට ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු වූ අතර ධර්මරාජ විදුහල උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබාගත්තේය.
දෙවැනි අවසන් පූර්ව තරගය ශාන්ත පීතර විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී හෙට (09) පස්වරු 4.30 ට පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.