අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු වටයේ තෙවැනි සතිය යටතේ සී. ආර්. පිටියේදී අද (10) පස්වරුවේ පැවැති තරගයේදී වෙස්ලි විදුහල් පිල ලකුණු 19-10 කින් මරදාන ශාන්ත ජෝශප් විදුහල පිල පරාජය කිරීමට සමත් විය.
ජයග‍්‍රාහි වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ ගෝල 2 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කළහ. ශාන්ත ජෝශප් විදුහලට උත්සාහක දිනුම් 2 කින් ලකුණු එකතු විය.
වෙස්ලි විදුහල් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 7-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.