Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ වෙස්ලි විදුහල සහ මහනුවර කින්ස්වුඩ් විදුහල අතර පැවැති 39 වැනි ‘බ්ලේස් කුසලාන’ වාර්ෂික රග්බි තරගය ලකුණු 46-10 ක් ලෙස පහසුවෙන්ම ජය ගැනීමට වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. වෙස්ලි විදුහල පිට පිටම බ්ලේස් කුසලානට හිමිකම් කී සිවුවැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට විය.
ඉකුත් සෙනසුරාදා (16 වැනිදා) ලොන්ඩන් පෙදෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට 26-03 ක් ලෙස වෙස්ලි විදුහල ඉදිරියෙන් සිටියේය. එහිදී වෙස්ලි විදුහල ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් මගින්ද, කින්ස්වුඩ් විදුහල ඩ්‍රොප් ගෝලයක් මගින්ද ලකුණු ලබාගත්තේය.
දෙවැනි අර්ධය තුළ තවත් උත්සාහක දිනුම් 4 ක් මගින් ලකුණු 20 ක් රැස්කිරීමට වෙස්ලි ක්‍රීඩකයන් සමත් වෙද්දී, කින්ස්වුඩ් විදුහලට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට වෙස්ලි විදුහල ලකුණු 46-10 ක් ලෙස කින්ස්වුඩ් විදුහලට වඩා ලකුණු 36 ක් ඉදිරියෙන් සිටියේය.
මෙම තරගයේදී සඳුල් ගම්මන්පිල වෙස්ලි විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර කින්ස්වුඩ් විදුහල් කණ්ඩායමේ නායකත්වය තවීෂ ඒකනායකට හිමිව තිබිණ. සඳුල්ගේ පියා වන අසංක ගම්මන්පිලද බ්ලේස් කුසලාන දිනා ගැනීම සඳහා 1998 වසරේදී වෙස්ලි විදුහල් කණ්ඩායමට නායකත්වය ලබාදී ඇත. එබැවින් එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු පිය-පුතු යුගලය ලෙස ඔවුන් දෙදෙනා ඉතිහාසයට එක් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.