Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීයයෝ 20-08 කින් තෝමසුවන් පරදවති
ඩයලොග් පාසල් රග්බි

රාජකීයයෝ 20-08 කින් තෝමසුවන් පරදවති

editorial - 2022 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩය යටතේ ඊයේ (16 වැනිදා) පැවති තරගයකදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 20-08 ක ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. මෙම තරගය ජයගැනීම හේතුවෙන් තවදුරටත් ‘මයිකල් ගුණරත්න’ කුසලාන තමන් සන්තකයේ රඳවාගැනීමටද රාජකීය විදුහලට හැකි විය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-03 ලෙස රාජකීය විදුහල ඉදිරියෙන් පසුවිය. එහිදී උත්සාහක දිනුම් 2 ක් මගින් රාජකීය විදුහල ලකුණු රැස්කළ අතර සාන්ත තෝමස් විදුහල ලකුණු රැස්කළේ දඬුවම් පහරක් මගිනි.

තරගයේ ආරම්භක විනාඩියේදී රාජකීය විදුහල වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබා ගැනීමට කවීන් සසංග සමත් වූ අතර 12 වැනි විනාඩියේදී අබ්දුල්ලා යූසෆ් සිය කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් ලබාගත්තේය. එහෙත් එම උත්සාහක දිනුම් දෙකෙහිම ප්‍රවර්ථනයන් සාර්ථක කර ගැනීමට ඉඩි්‍රස් ෆාරුක් අපොහොසත් විය. තරගයේ 19 වැනි විනාඩියේදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගනු ලැබුවේ යෙහාන් බුලත්සිංහල විසිනි.

දෙවැනි අර්ධයේදී රාජකීය විදුහල ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කරද්දී, සාන්ත තෝමසුවන්ට ලකුණු ලබාගත හැකි වූයේ එක් උත්සාහක දිනුමක් මගිනි පමණි. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ ලකුණු 20-08 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට රාජකීයයෝ සමත් වූහ.

දෙවැනි අර්ධයේ ආරම්භක විනාඩියේදී නැතහොත් තරගයේ 46 වැනි විනාඩියේදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගැනීමට අකිර පෙරේරා සමත් විය. එහෙත් එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට යෙහාන් බුලත්සිංහල අපොහොසත් විය. ඒ අනුව තරගයේ ලකුණු තත්ත්වය 10-08 ක් බවට පත්විය.

තරගයේ 50 වැනි විනාඩියේදී රාජකීය විදුහලට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් නබීල් යහිය, කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය 5 කින් ඉහළ දැමුවේය. ඉන් විනාඩි 2 කට පසුව එනම් 52 වැනි විනාඩියේදී රාජකීය විදුහල වෙනුවෙන් සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට කවීන් සසංග සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේද යහිය විසිනි.

(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)


අදහස් (0)

රාජකීයයෝ 20-08 කින් තෝමසුවන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.