Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රහල්-රීසා හැව්ලොක් පිලට ජය ගෙනෙති

රහල්-රීසා හැව්ලොක් පිලට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි සතියේ තරග ආරම්භ කරමින් හැව්ලොක් පිටියේදී අද (16) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයේදී හැව්ලොක් පිල ලකුණු 30-29 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීය.

ජයග්‍රාහි හැව්ලොක් පිල ගෝල, උත්සාහක දිනුම් සහ දඩුවම් පහර දෙක බැගින් සම්පූර්ණ කරමින් ලකුණු 30 රැස් කළේය. සී. එච්. පිල ගෝල දෙකකින්, දඩුවම් පහර හතරකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලැබීය.   

රහල් දෙල්පචිත්‍ර හැව්ලොක් පිලට තරගයේ අවසන් මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමට රීසා මුබාරක් අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 30-29 ක් බවට පත්වීමෙන් සී. එච්. පිල ලකුණතින් පිට පිටම දෙවැනි පරාජයත් ලැබීය.

සී. එච්. පිල පළමු තරගයේදී ද ලකුණු 23-24 ක් ලෙස සී. ආර්. පිල හමුවේ පරාජයට පත්විය.
සී. එච්. පිල පළමු අර්ධයේ 35 වැනි මිනිත්තුවේ සිට එනම් මිනිත්තු 44 ක කාලයක් තරගයේ පාලනයට නතු කරගෙන සිටිය ද අවසන් මිනිත්තුවේදී වාසිය ගිලිහී යෑම කැපී පෙනුණි.

සී. එච්. පිලේ වීරයා බවට පත්වූ සැමුවෙල් මධුවන්ත පළමු අර්ධයේ 35 වැනි මිනිත්තුවේදී විශිෂ්ට ලෙස සාර්ථක කළ දඩුවම් පහරින් ලකුණු පුවරුව 16-13 ක් බවට පත්විය. පළමු අර්ධය අවසන් වන විට සී. එච්. පිල ලකුණු 16-13 ක් ලෙස පෙරමුණේ පසුවිය.

ළහිරු ශව්කට්, අෂ්මින් ෆවුජුඩීන් සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන, හැව්ලොක් පිලේ පිලේ සෙසු උත්සාහක දිනුම් ලාභියෝ බවට පත්වූහ. රීසා මුබාරක් දඩුවම් පහර සහ ගෝල ප්‍රවර්ථන දෙක බැගින් සාර්ථක කිරීමට සමත් වූහ.
අනුරුද්ධ හේරත් සහ ප්‍රසාද් නිවංක, සී. එච්. පිලට උත්සාහක දිනුම බැගින් සාර්ථක කළහ.

සැමුවෙල් මධුවන්ත දඩුවම් පහර හතරක්, ගෝල ප්‍රවර්ථන දෙකක් සහ ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කරමින් සී. එච්. පිලට ලකුණු 17 ක් එකතු කිරීමට සමත් විය. එහිදී සැමුවෙල් මධුවන්ත මීටර 50 ක් පමණ දුර සිට සාර්ථක කළ දඩුවම් පහර කැපී පෙනුණි.


අදහස් (0)

රහල්-රීසා හැව්ලොක් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.