Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි සතිය යටතේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී අද (18) පස්වරුවේ පැවැති තරගයේදී යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 29--21 කින් සත්කාරක ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.
යුද හමුදා පිල ගෝල තුනකින්, උත්සාහක දිනුමකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලැබීය. ගුවන් හමුදා පිල ගෝල තුනක් සම්පූර්ණ කළේය.
අෂේන් බණ්ඩාර අවස්ථානුකූලව ක්‍රියාත්මක වෙමින් දෙවැනි අර්ධයේ 23 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ ඩ්‍රොප් ගෝලයත් සමගින් යුද හමුදා පිල ලකුණු 22--21 ක් ලෙස ජයග්‍රහණයට මඟ සකස් කරගත්තේය.
මධුෂාන් ලියනගේ 38 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ඉසුරු මැදගෙදර ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ යුද හමුදා පිල ලකුණු පුවරුව 29-21 ක් බවට පත්කළේය.
දෙවැනි අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී තිළිණ බණ්ඩාර, ගුවන් හමුදා පිලට සිය දෙවැනි උත්සාහක දිනුම එකතු කළේය. රුවන් පෙරේරා එයට අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු 21-19 ක් ලෙස ගුවන් හමුදා පිල නැවතත් පෙරමුණට පැමිණියේය.
යුද හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-14 ක් ලෙස පෙරමුණේ පසුවිය.
පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු දෙකක් තිබියදී යුද හමුදා පිලේ නිරෝෂණ දීපාල් ගෝල කණු අතර තැබූ පන්දුවට ගයාන් සාලින්ද අතිරේක ලකුණු මුසු කිරීමත් සමඟ යුද හමුදා පිල පළමු වරට පෙරමුණ ගත්තේය.
යුද හමුදා පිලේ සමීර බුලත්සිංහ පළමු අර්ධයේ 31 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු තත්ත්වය 12-14 ක් බවට පත්විය.
යුද හමුදා පිලේ උපුල් අබේරත්න 25 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම ගයාන් සාලින්ද ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 14-7 ක් බවට පත්විය.
තරගයේ 5 වැනි සහ 9 වැනි මිනිත්තුවලදී ළහිරු උදයංග සහ තිළිණ බණ්ඩාර සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙකට ගයන්ත ඉද්දමල්ගොඩ අතිරේක ලකුණු එකතු කිරීමෙන් ගුවන් හමුදා පිල ලකුණු 14-0 ක් ලෙස ආරම්භයේ පෙරමුණ ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.