නාවික හමුදා පිල සහ හැව්ලොක්ස් පිල අතර වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී ඊයේ (01) පස්වරුවේ පැවැති තරගයේදී පහර දීමේ සිද්ධියෙන් පසුව නාවික හමුදාව එහි සිටි මාධ්‍යවේදීන්ට ක`දවුරු භූමියෙන් ඉවත්වීමට නොදී රදවා ගත්හ.
මාධ්‍යවේදීන්ට ක‍්‍රීඩාංගණයෙන් පිටත්ව යෑමට නොදෙන ලෙස තමන්ට ඉහළින් දැනුම් දුන් බව නාවික හමුදා සෙබළු පැවසූහ.
එහිදී ඇතැම් මාධ්‍යවේදීන් ඉතා අසීරුවෙන් කදවුරු භූමියෙන් පිටතට පැමිණිය ද ප‍්‍රධාන දොරටුවේදී නැවතත් වාහන නවතා රදවා ගත්හ. පසුව විනාඩි 15 කට පමණ කාලයක් රදවා තබා ගැනීමෙන් පසුව ගේටුටව විවෘත කර පිටත්ව යෑමට අවස්ථාව ලබාදුන්නේය. කෙසේ වෙතත් ඒ වන විට වෙනත් මාධ්‍යවේදීන් රැසක් කදවුරු භූමියේ රදවා සිටින ආකාරය දැකගත හැකි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.