Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර - කොළඹ තරගය 12 දා

මහනුවර - කොළඹ තරගය 12 දා

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු ශූරතා රග්බි ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල තේරීම සඳහා වාර්ෂිකව සංවිධානය කරන මහනුවර ‘බ්ලූස්’ පිල සහ කොළඹ ‘රෙඞ්’ පිල අතර පළමු තරගය මහනුවර නිත්තවෙල පිටියේදී මේ මස 12 වනිදා පැවැත්වේ.

මෙහි දෙවැනි තරගය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය පැවැත්වෙන දිනයක් මේ දක්වා ස්ථිර කරනොමැත.   

වයස 19 න් පහළ ආසියානු ශූරතා රග්බි ශූරතාවලියට හොං කොං, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව සහ සත්කාරක චීන තායිපේ යන රටවල් සහභාගි වෙති. මෙම තරගාවලියේ ශූරයන් වන කණ්ඩායම 2019 වසරේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිවන ආසියානු පළමු කොටසේ තරගාවලියට සුදුසුකම් ලබයි.


මහනුවර බ්ලූස් සංචිතය:
පවින්ද්‍ර විජේතිලක (ත්‍රිත්ව විදුහල), රෂ්මික චන්ද්‍රරත්න (කිංග්ස්වුඞ් විදුහල), මලිත විජේසුන්දර සහ කැළුම් මධුෂාන් (මලියදේව විදුහල) සහ තරින්ද රත්නායක (විද්‍යාර්ථ විදුහල), එම්. එස්. වීරසිංහ සහ ටී. ඩිල්ෂාන් (කිංග්ස්වුඞ් විදුහල), කේ. එම්. බණ්ඩාර සහ ජේ. විකුම්සර (ශ්‍රී සුමංගල විදුහල), රුවන් අමරසිංහ සහ මොහොමඞ් ශබීර් (ශාන්ත අන්තෝනි විදුහල), එම්. අමරසිංහ (ශාන්ත අන්තෝනි විදුහල), එච්. ධනංජය සහ ඉරෝෂන් කාවින්ද (විද්‍යාර්ථ විදුහල), කවිෂ්ක බණ්ඩාර (විද්‍යාර්ථ), තරිඳු වැලිගම්පොළ සහ ජනිත රත්නායක (කිංගස්වුඞ් විදුහල), ඉනෝද් සසික (විද්‍යාර්ථ විදුහල), ටුයල් සොහයිල් (ශාන්ත අන්තෝනි විදුහල) සහ හිරුෂ සම්පත් (කිංග්ස්වුඞ් විදුහල), ඉෂාර හේරත් (මලියදේව විදුහල), එස්. හෙට්ටිආරච්චි (විද්‍යාර්ථ විදුහල) සහ රන්දික පතිරණ (ශාන්ත සිල්වෙස්ටර් විදුහල), නවීන් දේවදාසන් (ත්‍රිත්ව විදුහල), එල්. දවුලගල (මලියදේව විදුහල), කේ. ජයසූරිය සහ ඉෂාර ලියනගේ (ශාන්ත අන්තෝනි විදුහල), විශ්ව රණරාජා (ත්‍රිත්ව විදුහල) සහ සත්සර වැලිගම්පිටිය (විද්‍යාර්ථ විදුහල), අවිෂ්ක ශීක් (ත්‍රිත්ව විදුහල) සහ ඩිල්ෂාන් කෝදාගොඩ (විද්‍යාර්ථ විදුහල)


කොළඹ රෙඞ් සංචිතය:
ඉදිරි පෙළ ක්‍රීඩකයෝ: ඩයන් සාබර් (වෙස්ලි විදුහල), මලීෂ මධුමෙවන්, ෆදීල් ආදන් සහ ඉෆාම් ෆරීඞ් (කොළඹ රාජකීය විදුහල), ක්‍රිස්ටියන් ද ලිලි (සාන්ත තෝමස් විදුහල), තරිඳු ද අල්විස් (ශාන්ත ජෝශප් විදුහල), තරිඳු හසිත (වෙස්ලි විදුහල), අදීෂ හඳුන්පතිරණ (සාන්ත තෝමස් විදුහල), ජවිදු ප්‍රනාන්දු (ශාන්ත පීතර විදුහල), හරිත් සේනානායක (සාන්ත තෝමස් විදුහල), ජූලියන් චාල්ස් (ශාන්ත පීතර විදුහල), රවිඳු අංජුල (ඉසිපතන විදුහල), ෂෙවොන් ග්‍රෙගරි (ශාන්ත ජෝහප් විදුහල), අබ්දුල්ලා ෆායිෂ් (ශාන්ත පීතර විදුහල), තුවාන් ශාමිල් (ලුමිබිණි විදුහල), ශිහාන් එරන්ද (ශාන්ත ජෝශප් විදුහල), හිමන්ත හිරුෂාන් (කොළඹ රාජකීය විදුහල), ශාමික මිලින්ද (විද්‍යා විද්‍යාලය) සහ ලක්‍ෂාන් උඩුවන (ශාන්ත පීතර විදුහල)
පසු පෙළ ක්‍රීඩකයෝ: ගැමුණු චේතිය (ශාන්ත ජෝශප් විදුහල), නිකිල් ද සිල්වා සහ ශබීත් ෆෙරොෂි (කොළඹ රාජකීය විදුහල), ශාන් අකිල සහ කාවින්ද කේෂාන් (ශාන්ත ජෝශප් විදුහල), කෙනෙත් විමලදාස, රුක්‍ෂාන් මධුසංඛ සහ ජේසන් කරුණාරත්න (ශාන්ත පීතර විදුහල), රිසිත් ප්‍රනාන්දු සහ මුබීන් ෆලීල් (රාජකීය විදුහල), ෂෙනෝල් ෂෙනුක (ශාන්ත පීතර විදුහල), කලිඳු නන්දික සහ ජනිඳු ඩිල්ෂාන් (රාජකීය විදුහල)

 - 048

 


අදහස් (0)

මහනුවර - කොළඹ තරගය 12 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.