Last Update  :  2025-05-05 17:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර පිලට 45-15 ක ජයක්

මහනුවර පිලට 45-15 ක ජයක්

editorial - 2020 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මහනුවර ක්‍රීඩා සමාජ පිලත් සී .එච්. පිලත් අතර මහනුවර නිත්තවෙල පිටියේදී අද (02 වැනිදා) පැවැති ඩයලොග් කුසලාන රග්බි තරගයෙන් ලකුණු 45-15 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම ජයත් සමගින් මහනුවර පිල සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැකගත්හ.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 17-00 ක් වශයෙන් මහනුවර පිල ඉදිරියෙන් සිටියේය.

මෙම තරගයේදී මහනුවර පිල ගෝල දිනුම් හයක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළේය. සී. එච්. පිල ගෝල දිනුමක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු රැස් කළේය.

තරග විනිසුරු දිලුම් දේශාන්ගේ නළා හඬින් තරඟය ආරම්භ වී අට වැනි විනාඩියේදී සී. එච්. ක්‍රීඩකයන් මහනුවර පිලේ තහනම් කලාපයට ඇතුළු වීම හේතුවෙන් මීටර 25 සීමාවේදී ලද පහසු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට මහනුවර පිලේ තරින්ද රත්වත්තේ සමත් විය.

තරඟයේ 35 වැනි විනාඩියේදී ක්‍රියාත්මක වූ මහනුවර පිලේ බුද්ධිම පියරත්න ප්‍රතිවාදීන් ගෙන් පන්දුවට ඩැහැගෙන මීටර 70 ක් පමණ තනිව දිව ගොස් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රරවර්තනය ද තරින්ද විසින් සාර්ථක කර ගන්නා ලදී.

ප්‍රථම අර්ධය නිමා වීමට මොහොතක් තිබියදී මහනුවර පිලේ තරිඳු චතුරංග උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රරවර්තනය ද සාර්ථක විය. ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 17 - 00 ක් වශයෙන් මහනුවර පිල ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධය ආරම්භ වි පළමු විනාඩියෙදීම මහනුවර පිලේ බුවනෙක උඩන්ගමුව උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රරවර්ථනයද තරින්ද විසින් සාර්ථක කර ගන්නා ලදී. හය වැනි විනාඩියේදී සී. එච්. පිළ වෙත ප්‍රදානය කරන ලද දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට සැමුවෙල් මධුවන්ත සමත් විය.

පසුව සී. එච්. පිලේ සැමුවෙල් මධුවන්ත විසින්  උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. තරගයේ 20 වැනි විනාඩියේදී නැවතත් සී. එච්. පිලේ හිරන්ත පෙරේරා විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සැමුවෙල් මධුවන්ත විසින් සාර්ථක කර ගන්නා ලදී.

මහනුවර පිලේ බුවනක උඩන්ගමුව උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තන දෙකද තරින්ද විසින් සාර්ථක කර ගන්නා ලදී. තරඟය නිමා වීමට මොහොතක් තිබියදී මහනුවර පිලේ ශසික ජයවර්ධන විසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රරවර්තනය ද සාර්ථක කර ගන්නා ලදී.

(ෂේන් සෙනෙවිරත්න)


අදහස් (1)

මහනුවර පිලට 45-15 ක ජයක්
  • KUMAR ABAYASEKARA Friday, 07 February 2020 02:12 AM

    මෙවරත් මහනුවර කණ්ඩායමට ජයක්

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.