Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ පෙරමුණ රැකගනිති

මහනුවර ක්‍රීඩකයෝ පෙරමුණ රැකගනිති

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ තෙවැනි සතිය යටතේ රත්මලාන ගුවන් හමුදා පිටියේදී අද (24) පස්වරුවේ පැවැති තරගයේදී මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 38-10 කින් යුද හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

මහනුවර පිල පිට පිටම ලැබූ තෙවැනි ජය මෙය වන අතර මෙහිදී ද අතිරේක ප්‍රසාද ලකුණ හිමිකර ගැනීම කැපී පෙනුණි. මහනුවර පිල මේ වන විට සහභාගි වූ තරග තුනේදීම අතිරේක ප්‍රසාද ලකුණ ලබාගැනීමට සමත් විය.
මහනුවර ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-5 ක් ලෙස පෙරමුණ ගත්හ.

මහනුවර පිලට අටවැනි මිනිත්තුවේදී හේෂාන් කල්හාර ද, 24 වැනි මිනිත්තුවේදී බුවනක උඩංගමුව ද, සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙකට තිළිණ විජේසිංහ අතිරේක ලකුණු හතර එකතු කිරීමෙන් ලකුණු පුවරුව 14-0 ක් බවට පත්විය.

යුද හමුදා පිලේ අරවින්ද කරුණාරත්න පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු තුනක් තිබියදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් ලකුණු තත්ත්වය 14-5 ක් බවට පත්විය.

ප්‍රබල ක්‍රීඩක ධනුෂ්ක රංජන් දෙවැනි අර්ධයේ තෙවැනි මිනිත්තුවේදී මහනුවර පිලට උත්සාහක දිනුමක් එකතු කළ අතර තිළිණ විජේසිංහ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 21-5 ක් බවට පත්විය.
ශ්‍රී ලංකා පිලේ හිටපු නායක රොෂාන් වීරරත්න අටවැනි මිනිත්තුවේදී මහනුවර පිලට උත්සාහක දිනුමක් එකතු කළේය. තිළිණ විජේසිංහ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගියේය.

යුද හමුදා පිලේ සුදාකර දික්කුඹුර 11 වැනි මිනිත්තුවේදී ප්‍රබල මහනුවර පිලේ ගෝල සීමාව ආක්‍රමණය කිරීමෙන් ලකුණු පුවරුව 28-10 ක් බවට පත්විය.

තිළිණ විජේසිංහ තරගයේ වීරයා බවට පත්වෙමින් 28 වැනි මිනිත්තු සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ඔහුම අතිරේක ලකුණු එකතු කරමින් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 35 ක් බවට පත්කළේය.

අර්ෂාඞ් ජමාල්ඩීන් අවසන් මිනිත්තුවේදී ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමින් අවසන් ලකුණු සංඛ්‍යාව 38-10 ක් බවට පත්කිරීමට සමත් විය.

තිළිණ විජේසිංහ මෙහිදී මහනුවර පිලෙ රැස්කළ ලකුණු 38 න් 15 ක්ම රැස්කිරීම කැපී පෙනුණි.


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ පෙරමුණ රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.