Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මලිදේවයේ රගර් සංවර්ධනයට ආදි සිසුවාගෙන් ලක්ෂ 8 ක්

මලිදේවයේ රගර් සංවර්ධනයට ආදි සිසුවාගෙන් ලක්ෂ 8 ක්

editorial - 2025 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කුරුණෑගල ර.මු.වී.ර.බණ්ඩාර)

රගර්, මලළක්‍රිඩා සහ ශිෂ්‍යභට විෂය බාහිර ක්‍රිඩාවන්හී එදා  දක්ෂ ක්‍රිඩකයෙකුවූ මලිදේවයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයකු වු අ⁣බෙිරත්න ජයසුන්දර මහතා විසින් මලියදේව විද්‍යාලයේ රගර් ක්‍රීඩාව නංවාලීම සඳහා රුපියල් ලක්ෂ අටක් වටිනා ක්‍රිඩා උපකරණ තොගයක් පරිත්‍යාගය කරන ලදි. 

මෙම උපකරන තොගය ව්‍යාපාරික අබෙිරත්න ජයසුන්දර මහතා විසින්  මලියදේව විදුහල්පති ඩබිලිවි. එම්. සී. කේ  මහමිතව මහතාට පිරිනමන ලදි. රගර් ක්‍රිඩාව මෙන්ම මලල ක්‍රීඩාව සංවර්ධනය වෙනුවෙන් ද ඉදිරිය⁣ට අවශ්‍ය උපකාර කිරීමට තමන් බලාපොරොත්තු වෙන බවද අබෙිරත්න ජයසුන්දර මහතා මෙහිදී පැවසීය.  අබෙිරත්න ජයසුන්දර මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂත්‍රයට අවශ්‍ය උපකරණ ආනයනය කිරීමෙි ප්‍රමුඛපෙලේ ව්‍යාපාරික ආයතනයක සභාපති වරයාය. 

මෙම අවස්ථාවට මලිදේව ක්‍රීඩා අණුකාරකසභාවෙි සභාපති නන්දික කොටුවැව ඇතුළු ආදිශිෂ්‍ය සංගමයේ  නිළධාරින් සහභාගි වූහ. රගර් පුහුණු කරුවන්ට සහ ක්‍රිඩකයන්ට අවශ්‍ය විශේෂිත  බැනියම් ස එදින ප්‍රදානය කරන ලදි.

 


අදහස් (0)

මලිදේවයේ රගර් සංවර්ධනයට ආදි සිසුවාගෙන් ලක්ෂ 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.