බ‍්‍රැඞ්බි ඉතිහාසය වසර 72 ක් යයි කීවද තරගාවලියේ අක්මුල් වසර 96 ක් පමණ ඈතට දිවයයි. මෙම පාසල් දෙක අතර ඵෙතිහාසික පළමු තරගය 1920 වර්ෂයේ ජූලි මස 31 වැනිදා පවත්වා ඇත.
ආරම්භයේදී එක තරගයකට සීමාවූ මෙහි තරග පවත්වා ඇති අතර 1940 වසර දක්වා (තරග 21) පැවති සියලූම තරග ජයගැනීමට සමත් වූයේ ති‍්‍රත්ව විදුහලයි. කොළඹ රාජකීය විදුහල මෙහි පළමු ජයග‍්‍රහණය හිමිකර ගන්නේ 1941 වර්ෂයේදීය.
මෙම තරගය අදියර දෙකකින් සමන්විතව ක‍්‍රමවත්, වාර්ෂික තරගාවලියක් ලෙසින් 1945 වර්ෂයේදී නැවතත් ආරම්භ වන අතර, ඒ සඳහා මූලික අදහස එක් කරනුයේ එවකට රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ඊ.එල්. බ‍්‍රැඞ්බි මහතාය. එම කාලසීමාවේ ති‍්‍රත්ව විදුහලේ විදුහල්පතිවරයා වූ සී.ඊ. සිමිත‍්‍රාරච්චි මහතාගේද එකඟත්වය ඇතිව අදියර දෙකකින් වාර්ෂිකව තරගය පැවැත්වීමට තිරණය විය.
ජයග‍්‍රාහකයන් සඳහා පිරිනැමෙන ශූරතා පළිහ වන ”බ‍්‍රැඞ්බි පළිහ” 1945 වර්ෂයේදී නිර්මාණය කරන ලද්දක් වන අතර, අදියර දෙකකින් සමන්විත වත්මන් තරගයේ නිර්මාතෘවරයා වූ ඊ.එල්. බ‍්‍රැඞ්බි මහතාට උපහාර පිණිස ඔහුගේ නමින් නම්කර ඇත.
සෑම වර්ෂයකදීම තරගයේ ජයග‍්‍රාහී කණ්ඩායම විසින් මෙම පළිහ තමන් සන්තකයේ තබාගන්නා අතර, ඊළඟ වර්ෂයේ පැවැත්වෙන තරගයේ දෙවැනි අදියරෙන් පසු සමස්ත ජයග‍්‍රාහකයාට බ‍්‍රැඞ්බි පළිහ පිරිනැමේ. මෙය සාම්ප‍්‍රදායික උඩරට ලෝහයෙන් නිපදවා ඇත.
2000 වර්ෂයට පෙර මෙම තරගයෙහි කොළඹ අදියර කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වූ අතර, ඉන්පසු එය මේ දක්වා කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි. තරගාවලියේ මහනුවර අදියර 2012 වසරට පෙර මහනුවර බෝගම්බර කී‍්‍රඩාංගණයේදි පැවැත් වූ අතර, ඉන් අනතුරුව මේ දක්වා මහනුවර පල්ලෙකැලේ ති‍්‍රත්ව විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි.
තරගාවලියේ ඉතිහාසය දෙස නෙත් යොමුකිරීමේදී අදියර දෙකක් ලෙස මෙම තරගය වෙනස් විමෙන් පසු පළමු ජයග‍්‍රහණයේ (1945) හිමිකරුවන් බවට ති‍්‍රත්ව විදුහල පත්විය. තරගාවලියේ මේ දක්වා පැවැති තරගයන්හි වැඩි ගෞරව ති‍්‍රත්ව විදුහල විසින් හිමිකරගෙන ඇති අතර, ඔවුන් පැවැති තරග 71 න් තරග 39 කම ජය හිමිකරගෙන ඇත. රාජකීය විදුහල එහිදි තරග 31 ක ජය හිමිකර ගැනීමට සමත්ව තිබේ. 1992 වර්ෂයේදී පැවැත්වූ තරගය පමණක් ජය පැරදුමින් තොරව නිමාවට පත්විය.
තරගාවලියේ අදියර ජයග‍්‍රහණයන් සැලකීමේදී මේ දක්වා අදියර 140 ක් පවත්වා ඇති අතර, ඉන් ති‍්‍රත්ව විදුහල අදියර 66 ක් හා රාජකීය විදුහල අදියර 63 ක ජය හිමිකරගෙන ඇත.
තරගාවලි ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී ඇති ඉහළම ජයග‍්‍රහණය තමන් සතුකර ගැනීමට රාජකිය විදුහල සමත් වී ඇත්තේ 2003 වර්ෂයේදීය. සුල්කි හමීඞ්ගේ නායකත්වයෙන් එම වසරේදී, සමස්ත තරගය ලකුණු 83x-00 ජයගත් රාජකීයයෝ පළමු අදියර 39-x00 ක් ලෙසද දෙවැනි අදියර 44-00 ක් ලෙසද ජයගැනීමට සමත් වූහ.
තරගාවලියේ වැඩිම නොකඩවා ජයග‍්‍රහණ ලබා ඇත්තේ ති‍්‍රත්ව විදුහලයි. ඔවුන් 1952 සිට -1957 කාලය තුළදී තරග 06 ක් ජයගෙන ඇත.
අවසන් වරට 2015 වර්ෂයේ භානුක රත්නායකගේ නායකත්වයෙන් පැවැති තරගය සමස්ත ලකුණු 72-22 (පළමු අදියර 23-22 සහ දෙවැනි අදියර 49-00) ලෙසින් අදියර දෙක ජයගැනීමට රාජකීය විදුහල සමත් විය.
ති‍්‍රත්ව විදුහල අවසන් වරට 2014 වර්ෂයේදී තරින්ද රත්වත්තගේ නායකත්වයෙන් ජයග‍්‍රහණය කරඇත.
කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම
අනුර වනිගසිංහ (රග්බි භාර ආචාර්ය), සබීත් ෆෙරෝස්, අයේෂ් මදුරංග, හරිත් ලොකුගමගේ, නිඛිල ගුණධීර (නායක), බී.ඒ. අබේරත්න, අශෝක් විජයකුමාර් (උපනායක), මහීම ගමගේ, ඔවින් අස්කි, සුදත් ලියනගුණවර්ධන (ප‍්‍රධාන කී‍්‍රඩාභාර ආචාර්ය)
ලෙනක්ස් කල්‍යාණරත්න, තුලේබ් හසන්, දේශාන් පෙරේරා, මලීෂ මධුමෙවන්, ෂකීර් නවුෆර්, මොහොමඞ් නඛීල්, අසෙල් රොද්‍රිගු, ධම්මික ද සිල්වා, නිඛිල ද සිල්වා, අස්මීර් ෆාජුඞීන්, ඊබ‍්‍රහිම් බේරි
චමල් රාජපක්ෂ, ලහින් ආටිගල, සසිත් සියත්, ෆබිල් අඩාන්, විදුරංග සේරම්, යොහාන් කණිෂ්ක, පසිඳු අමරසිංහ, හම්සා රීසා, නිකිල් ජෝජ්, අෂේන් ප‍්‍රනාන්දු, ඇන්ඩෘ ද සිල්වා, ජනිඳු දේශාන්
මහනුවර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායම
සහන වජිරසේන (රග්බි භාර ආචාර්ය), අවිෂ පි‍්‍රයංකර, අනුක බෝයගොඩ, සාලින්ද අලහකෝන්, සනුෂ්ක අබේවික‍්‍රම, රාහුල් කරුණාතිලක (නායක), ඇන්ඩෲ ෆවුලර් වොට් (විදුහල්පති), තුෂිල පෙරේරා (උපනායක), නේදන් චාන්, ගෙහාන් පෙතියාගොඩ, අංජන බණ්ඩාර, එරික් මිලර් (පුහුණුකරු)
අවිෂ්ක ෂික්, අයේෂ එදිරිසිංහ, මෙලන් මලියේෂ්, පසන් සමරවික‍්‍රම, දිලූක්ෂ දංගේ, සජන සංඝසිංහ, රිෂෙන් මදේන, ෂාදි ඞීන්, ලෂාන් විජේසූරිය, රුක්ෂාන් ධම්මපාල, ෂවීන් ඒකනායක, රිෂාන් බණ්ඩාරනායක, නවීන් දේව්දාසන්
වොරන් වීරකෝන්, පුබුදු ප‍්‍රනාන්දු, පාරින්ද විජේතිලක, අක්තාබ් රම්සීන්, කාංචන විමලසිරි, කනීෂ අල්විස්, චරිත නානායක්කාර, හසිරු වැලිවත්ත, කේෂව පාලයන්ගොඩ, අමිත් කුලතුංග, පැටි‍්‍රක් ජයසුන්දර, මොහොමඞ් ඉක‍්‍රම්, මහදි අබ්දුල්ලා
අද පුවත්පත අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.