කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 70 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ දෙවැනි අදියර හෙට (24) පල්ලේකැළේ ත‍්‍රිත්ව විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ. තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.
තරින්ද රත්වත්ත ගේ නායකත්වයෙන් යුත් ත‍්‍රිත්ව විදුහල් පිල කොළඹදී පැවැති පළමු අදියර ලකුණු 28-16 ක් ලෙස ජය ලබමින් ලකුණු 12 ක් ඉදිරියෙන් සිටියි.
නිම්ෂාන් ජයවර්ධන මෙහෙයවන රාජකීය විදුහල මෙවර තරගය ජය ලැබීමට නම් දෙවැනි අදියර ලකුණු 13 ක පරතරකින් ජය ලැබිය යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.