Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සුහද තරග දෙකක් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි බහරේන් රග්බි කණ්ඩායම බස්නාහිර පළාතේ තෝරාගත් පාසල් 4 ක් සඳහා රග්බි උපකරණ බෙදා දුන්නේය. සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලය, දෙහිවල එස්.ඩී.එස් ජයසිංහ විද්‍යාලය, කොළඹ කේරී විදයාලය සහ පානදුර රාජකීය විද්‍යාල සඳහා බහරේන් රග්බි කණ්ඩායම විසින් රග්බි උපකරණ බෙදා දෙන ලදි.
බහරේන් රග්බි කණ්ඩායම වෙනුවෙන් එම රග්බි උපකරණ මෙම සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු කළ ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා විසින් පාසල් වලට බෙදා දෙන ලදි.
එහිදී සෑම පාසලකටම රග්බි ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ සහ මෙවලම් බෙදා දුන් අතර අවුරුදු 12න් පහළ සහ 14න් පහළ දරුවන් සඳහා කුඩා තරගාවලියක්ද පවත්වනු ලැබිණ.
බහරේන් රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පැවති සුහද තරගය ශ්‍රී ලංකා පොලිසිය ජයගත් අතර පෆින් කණ්ඩායම සමග පැවති තරගය බහරේන් කණ්ඩායම ජයගත්තේය.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.