Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ජාතික රග්බි සංගමය සහ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය අතර අනුග‍්‍රහකත්වය ලබා ගැනීම පිළිබදව උද්ගත වී ඇති ගැටලූකාරි තත්ත්වය පිළිබදව පාසල් රග්බි සංගමයේ නිලධාරීහු අද (24) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා දැනුවත් කර තිබේ.
පාසල් රග්බි සංගමය සංවිධානය කරන තරගාවලි සදහා ජාතික සංගමයෙන් අනුග‍්‍රාහකයන් සොයා දෙන නමුත් අනුග‍්‍රහකයන්ගෙන් ලැබෙන මුදල් පරිහරණය කිරීම ජාතික සංගමයේ අභිමතය අනුව කිරීමට යෝජනා කිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව පාසල් රග්බි සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් මහතා ‘ලංකාදීප’ට පැවසීය.
”අපි මුදල් පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට වගකියන්න ඕනේ. ඒ නිසා අපි සංවිධානය කරන තරගාවලිවල වියදම් දරන්න වෙනත් පිරිසකට පැවරීම ප‍්‍රායෝගික නෑ”
”පාසල් රග්බි සංගමය පවත්වා ගෙන යන්නේ පාසල් ගුරුවරු. අපටත් පරිපාලන වියදම් තියෙනවා. ඒත් මේ මොකටද එන්නේ කියලා අපිට තේරෙනවා” යැයි පාසල් රග්බි සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
ක‍්‍රීඩා අමාත්‍යංශයේ යෝජනාවකට අනුව රග්බි, ක‍්‍රිකට්, පිහිනුම්, බැඞ්මින්ටන් සහ පාපන්දු යන ක‍්‍රීඩා එම ක‍්‍රීඩාවල ජාතික සංගමය සමග ඒකාබද්ධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට එකඟ වී තිබේ.
සෙසු පාසල් සංගම් ජාතික සංගමය සමග එක්ව මේ වන විට ඒකාබද්ධ වැඩසටහන් සකස්කර ඇති බවත් රග්බි ඒකාබද්ධ වැඩසටහනේදී පමණක් මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පාසල් ක‍්‍රිකට් සංගමයට අනුග‍්‍රහකයකු ලබාදුන් අතර එහිදී ගැටලූකාරි තත්ත්වයක් ඇති නොවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.