Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරග තීරකවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නාතුරු වෙස්ලි, මලියදේව සහ සහිරා යන පාසල් සඳහා විනිසුරුවරුන් ලබා නොදෙන බව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.
වෙස්ලි විද්‍යාලය හා රාජකිය විද්‍යාලය අතර පැවති තරගයට ප්‍රේක්ෂකයන්ගෙන් ඇතිවූ බාධාව නිසා තරගය විනාඩි 10 කට පමණ නවතා තැබීමට සිදු විය. ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩා පිටියට ඇතුළුවීමට නොදි විනිසුරුවරයා තරගය පවත්වා ගෙන යාමට කටයුතු කළත් එයද අසාර්ථක විය.
තරගය අවසන් වි සු`එ මොහොතක් යාමට මත්තෙන් කණ්ඩායම් දෙකෙහි ප්‍රේක්ෂකයන් අතර ගැටුමක් ඇති වූ අතර පසුව විනිසුරුවරයාගේ ආරක්ෂාව සඳහා ඔහුව හැකි ඉක්මනින් ක්‍රිඩාගාරය වෙත යාමට සිදුවිය.
ශාන්ත තෝමස් විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර කුරුණෑගල පැවති තරගයේදීද, විනිසුරුවරයාට තරගය පවත්වා ගෙනයාමට නොදී බාධා කරනු ලැබීය.
සහිරා සහ ශාන්ත ජෝෂප් විද්‍යාල අතර පැවති තරගයේදීද සහිරා විද්‍යාලයේ ශාම්ලි නවාස්ට තරග විනිසුරු ලෙස කටයුතු කළ අරුණ ශාන්ත මහතා කහ පැහැති කාඞ් පත පෙන්වා අවවාද කිරීම සම්බන්ධයෙන්ද යම් යම් ආන්දොලනාත්මක මතවාද ගොඩ නැගුණි.
“සහිරා, මලියදේව සහ වෙස්ලි යන පාසල් කණ්ඩායම් සඳහා විනිශ්චයකරුවරු යොදවන්නේ නැහැ. අපි මේ සම්බන්ධයෙන් පාසල් රග්බි සගමයේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීලයි තියෙන්නේ. විශේෂයෙන් සත්කාරකත්වය දරන පාසල සංචාරක කණ්ඩායමේ සහයෝගය ලබා දෙන්නන්ට හා තරග තීරකවරුන් වෙත ආරක්ෂාව ලබා දිය යුතුයි” යනුවෙන් විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති නිශාම් ජමල්දීන් මහතා පවසා සිටියේය.
විශ්වාසනීය ආරංචි මාර්ග වලට අනුව විනිශ්චයකරුවන්, අනුග්‍රාහකයන් සහ අදාල පාසල් සමග පාසල් රග්බි සංගමය මේ සම්බන්ධයෙන් රැස්වීමක් ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වීමට නියමිතව ඇත. මෙවර සිංගර් රග්බි ලීග් තරගාවලිය කිසිදු ගැටලුවකින් තොරව පවත්වා ගැනිමට ඔවුහූ උත්සාහ කරති. මෙම සෑම කණ්ඩායමකටම තරගාවලිය අවසන් කිරීමට තවත් තරග දෙක බැගින් තිබේ.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.