Last Update  :  2025-07-05 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නවසීලන්තයට 50 - 10 ක දැවැන්ත ජයක්

නවසීලන්තයට 50 - 10 ක දැවැන්ත ජයක්

editorial - 2025 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමත් නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු රග්බි පිලත් අතර නිත්‍තවෙල ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවති රග්බි තරඟයෙන් ලකුණු 50-10 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත පිල සමත් විය.

ජයග්‍රාහී නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු කණ්ඩායම, ගෝල දිනුම් 5 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස්කළේය.  ශ්‍රී ලංකා පිල ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු රැස් කළේය.

ප්‍රථම අර්ධය නිමාවන විට, ලකුණු 26-07 ක් වශයෙන් නවසීලන්ත පිල ඉදිරියෙන් විය.

මෙම තරඟය නැරඹීම සඳහා කන්ද උඩරට රග්බි රන් දෙවොල නම් විරුදාවලිය ලත් නිත්තවෙල ක්‍රීඩාංගණයට ඉතිහාසයේ වාර්තාගත රග්බි ලෝලීන් පිරිසක් රැස්ව සිටියහ. එය බොහෝ විට 15,000 කට වැඩි රග්බි ලෝලී පිරිසකි.

නිත්තවල රග්බි ක්‍රීඩා පිටිය ඉතිහාසයේ ප්‍රථම වතාවට  නවසීලන්ත ක්‍රීඩකයන්ගේ හකා නර්තනයෙන් වර්ණවත් වෙද්දී මහනුවර රග්බි ලෝලීහු ඊට ගෞරව කරමින් අත්පොළොසන් දෙන්නට වූහ.  නවසීලන්ත ක්‍රීඩකයන්ද මහනුවර රග්බි ලෝලීන්ගේ ගෞරවය සහ ආදරය ස්තුති පූර්වකව බාරගත් ආකාරය දැකගත හැකි විය.

සාමාන්‍ය  රග්බි කණ්ඩායමකට වඩා බරින් අඩු මෙම නවසීලන්ත රග්බි කණ්ඩායම සත් සාමාජික රග්බි ක්‍රීඩා ශෛලිය ප්‍රදර්ශනය කරමින් ඔවුන්ගේ උපරිම වේගය භාවිතා කරමින් නිත්තවෙල ක්‍රීඩා පිටිය සිසාරා සිය ආධිපත්‍ය පතුරුවා හරින අයුරු දැකගත හැකි විය.

දකුණු අප්‍රිකානු ජාතික තරග විනිසුරු ජේ. පී.  ක්ලෙමන්ට් මහතාගේ ප්‍රථම නලා හඬ නිකුත්වි සුළු මොහොතක් ගත වෙද්දී නවසීලන්ත පිලේ නොම්බර 08 ක්‍රීඩක ෆයිසා අසිටා විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි. එහි ප්‍රවර්තනය නායක ජරාඩ් පර්සිවල් විසින් සාර්ථක කර ගන්නාලදී.
 
15 වැනි විනාඩියේදී නවසීලන්ත පිලේ ජිමී පෙට්ෆෝඩ් විසින් උත්සහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

22 වැනි විනාඩියේදී ශ්‍රී ලංකා පිලේ ළහිරු තිලකරත්න විසින් වාර්තා කරන ලද එකම උත්සාහක දිනුම, නායක නයිජල් රත්වත්තේ විසින් සාර්ථකව ගෝල දිනුමක් බවට ප්‍රවර්තනය කරන ලදි.  

තරඟයේ 32 වැනි විනාඩියේදී නවසීලන්ත පිලේ බෙන් මෙග්සන් විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය ජරාඩ් පර්සිවල් විසින් සාර්ථක කරගන්නා ලදී.  ප්‍රථම අර්ධය නිමා වීමට මොහොතක් තිබියදී නවසීලන්ත පිලේ ජැක් ලයිටි උත්සහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්තනයද සාර්ථක විය.

ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 26-07 ක් වශයෙන් නවසීලන්ත පිල ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී සුළු මොහොතකින් ශ්‍රී ලංකා පිල වෙත ප්‍රදානය කරන ලද දඩුවම් පහරක් නයිජල් රත්වත්තේ විසින් සාර්ථක කර ගන්නා ලදී. ඉන් අනතුරුව විනාඩි 20 ක පමණ කාලයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට ප්‍රබග තරගයක් දීමට සමත් වූහ.

තරගයේ 20 වැනි විනාඩියේදී නවසීලන්ත පිලේ ජැක් ලයිටි තවත් උත්සහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. 30 වැනි විනාඩියේදී නවසීලන්ත පිලේ ෆයිසා අසිටා තවත් උත්සහක දිනුමක් ලබාගත්තේය. එහි ප්‍රවර්තනයද අසාර්ථක විය.

තරඟය නිමාවීමට මොහොතක් තිබියදී නවසීලන්ත පිලේ ෆ්‍රැරන්සිස් මොරිසන් විසින් උත්සහක දිනුමක් වාර්තා කරන ලද අතර එහි ප්‍රවර්තනය සාර්ථක විය.

ඡායාරූප - ෂේන් සෙනෙවිරත්න


අදහස් (0)

නවසීලන්තයට 50 - 10 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.