Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby දෙවැනි වටයේ තරග 9 ක් හෙට
අන්තර් පාසල් රග්බි

දෙවැනි වටයේ තරග 9 ක් හෙට

editorial - 2025 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය ආරම්භ කරමින් තරග 9 ක් හෙට (19 වැනිදා) දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සති 4 කින් සමන්විත වන මෙම තරගාවලියේ දෙවැනි වටය අගෝස්තු මස 10 වැනිදායින් නිමාවට පත්වනු ඇත. 

දෙවැනි වටයේදී කුසලාන, පළඟ සහ බඳුන යන ශූරතා 3 සඳහා තරග පැවැත්වෙන අතර පළමු වටයේදී දැක්වූ දක්ෂතා අනුව එක් ශූරතාවක් සඳහා කණ්ඩායම් 6 බැගින් එහිදී වෙන් වෙන්ව තරග වදිනු ඇත. ඒ අනුව සෑම සතියකදීම කුසලාන ශූරතාව සඳහා තරග 3 ක්ද, පළඟ ශූරතාව සඳහා තරග 3 ක්ද, බඳුන ශූරතාව සඳහා තරග 3 ක්ද බැගින් පැවැත්වීමට නියමිතය. 

කුසලාන ශූරතාව යටතේ කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව කොළඹ වෙස්ලි විදුහලත්, බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහලත්, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව මහනුවර ත්‍රිත්ව විදුහලත් හෙට තරග බිමට පිවිසෙනු ඇත. 

මරදාන සහිරා විදුහලට එරෙහිව කොළඹ ඩී.එස්. සේනානායක විදුහලත්, කොළඹ ආනන්ද විදුහලට එරෙහිව මහනුවර ශ්‍රී සුමංගල විදුහලත්, මහනුවර කින්ස්වුඩ් විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝෂප් විදුහලත් හෙට තරග වදින්නේ පළඟ ශූරතාව වෙනුවෙනි. 

මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත්, ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව මහනුවර විද්‍යාර්ථ විදුහලත්, කොළඹ මහානාම විදුහලට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහලත් හෙට බඳුන ශූරතාව යටතේ තරග වදිනු ඇත. 

මෙම සියලුම තරග හෙට පස්වරු 4.15 ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර ඉන් තරග 7 ක් කොළඹදීද, තරග 2 ක් මහනුවරදීද පැවැත්වෙනු ඇත. 


කුසලාන ශූරතාව වෙනුවෙන් 
1. ඉසිපතන විදුහල සහ වෙස්ලි විදුහල අතර හැව්ලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී 
2. ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී 
3. සාන්ත තෝමස් විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී 

පළඟ ශූරතාව වෙනුවෙන් 
4. සහිරා විදුහල සහ ඩී.එස්. සේනානායක විදුහල අතර සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී 
5. ආනන්ද විදුහල සහ ශ්‍රී සුමංගල විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී 
6. කින්ස්වුඩ් විදුහල සහ ශාන්ත ජෝෂප් විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී 

බඳුන ශූරතාව වෙනුවෙන් 
7. ධර්මරාජ විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී
8. විද්‍යා විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී
9. මහානාම විදුහල සහ තර්ස්ටන් විදුහල අතර සුගතදාස ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

දෙවැනි වටයේ තරග 9 ක් හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.