
(ෂේන් සෙනෙවිරත්න)
ත්‍රිත්ව විදුහලත් රාජකීය විදුහලත් අතර 77 වැනි වරටත් සංවිධානය කෙරුණු බ්‍රැඩ්බි කුසලාන රග්බි තරගාවලියේ පළමු අදියර වූ පල්ලෙකැලේ ත්‍රිත්ව රග්බි ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (22 වැනිදා) පැවැති තරගයෙන්ලකුණු 13-10 ක ජයක් වාර්තා කරමින් පෙරමුණ ගැනීමටත්‍රිත්ව විදුහල සමත් විය .
ජයග්‍රාහී ත්‍රිත්ව විදුහල ගෝල දිනුමක් සහ දඬුවම් පහර දෙකක් මගින් ලකුණු රැස් කළ අතර රාජකීය විදුහල උත්සාහක දිනුම් දෙකක් මගින් ලකුණු රැස් කළේය.
ප්‍රථම අර්ධය නිමාවන විට 10 - 00 ක් වශයෙන් රාජකීය විදුහල ඉදිරියෙන් විය .
මෙවර පාසල් රග්බි තරඟාවලියේදී රාජකීය සහ ත්‍රිත්ව කණ්ඩායම් දෙක මෙතෙක් මුහුණ දී සිටින ආකාරය දෙස බැලීමේදී රාජකීය පිල මෙමතරඟයේ වැඩි ගෞරවහිමිකර ගනු ඇතැයි වැඩිදෙනාගේ බලාපොරොත්තුව විය. එහෙත් ඒ සියලු අනාවැකි අසාර්ථක කරමින්ත්‍රිත්ව ක්‍රීඩකයන් දෙවනි අර්ධයේදී දියත් කළ සටන්කාමී තරග රටාව හමුවේ රාජකීයන්ට පසුබැසීමට සිදුවිය .
පළමු අර්ධයේ පෙරමුණ ගත් රාජකීය පිල වෙනුවෙන් පිලියෝ කල්‍යාණනරත්න සහ බුවනෙක සේනානායක උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. එහි ප්‍රවර්තන දෙකම අසාර්ථක විය .
දෙවැනි අර්ධයේදී ත්‍රිත්ව විදුහල වෙනුවෙන් තිසංග දිසානායක උත්සාහක දිනුමක් වාර්තා කළ අතර 16 හැවිරිදි ෂෙහාන් අල්තාෆ් එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. දඬුවම් පහර දෙකක් ද සාර්ථක කරගත් අල්තාෆ් තරඟයේ වීරයා වශයෙන්ද නම් කෙරුණි.
ඉසංක අබේකෝන් මහතා තරග විනිසුරු වශයෙන් කටයුතු කළේය.




ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.