Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ත්‍රිත්ව විදුහල සුමංගලය පරදවයි
අන්තර් පාසල් රග්බි

ත්‍රිත්ව විදුහල සුමංගලය පරදවයි

editorial - 2025 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ මූලික වටය යටතේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 49-15 ක පහසු ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය. 

පල්ලෙකැලේ ත්‍රිත්ව ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 20-15 ක් ලෙස පෙරමුණ ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ත්‍රිත්ව විදුහල ලකුණු ලබාගත් අතර සුමංගල විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 29 ක් එක්කරගත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ, සුමංගල ක්‍රීඩකයන්ට එක් ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදුන්හ. ඒ අනුව නියමිත කාලය නිමාවට පත්වන විට සුමංගල විදුහලට වඩා ත්‍රිත්ව විදුහල ලකුණු 34 ක් ඉදිරියෙන් සිටියේය. 


අදහස් (0)

ත්‍රිත්ව විදුහල සුමංගලය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.