Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඩී.එස්. ක්‍රීඩකයෝ තෙවැනි ජය ලබති

ඩී.එස්. ක්‍රීඩකයෝ තෙවැනි ජය ලබති

editorial - 2025 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ අද (27 වැනිදා) පැවැති මූලික වටයේ තරගකදී ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව ලකුණු 36-29 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සමත් විය. මෙම තරගාවලියේදී ඩී.එස්. විදුහල ලැබූ තෙවැනි ජයද මෙය විය. 

කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 15-12 ක් ලෙස විද්‍යා විදුහල් ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් විද්‍යා විදුහල ලකුණු ලබාගත් අතර ඩී.එස්. විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි.
 
කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී ආක්‍රමණශ්‍රීලී ක්‍රීඩා විලාශයක නිරත වූ ඩී.එස්. ක්‍රීඩකයෝ, ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 24 ක් එක්කර ගැනීමට සමත් වූහ. විද්‍යා ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී ගෝල දිනම් 2 ක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 14 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ඩී.එස්. විදුහලට මෙම තරගයෙන් ලකුණු 36-29 ක ජයක් හිමිවිය. 


අදහස් (0)

ඩී.එස්. ක්‍රීඩකයෝ තෙවැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.