Last Update  :  2025-12-05 13:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby චීන සත් සාමාජික රග්බි තරග 5-6

චීන සත් සාමාජික රග්බි තරග 5-6

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ ප‍්‍රධාන තරගාවලියක් වන චීන සත් සාමාජික රග්බි තරගාවලිය (පිරිමි සහ කාන්තා) මේ මස 5 සහ 6 දෙදින චීනයේදී පැවැත්වේ. මෙම තරගාවලියට ආසියාවේ ප‍්‍රධානම පිරිමි රග්බි කණ්ඩායම් 12 ක් සහභාගි වීමට නියමිතය. කාන්තා තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාගි වෙයි.

පිරිමි තරගාවලියේ පළමු වටය, එකකට කණ්ඩායම් තුනක් බැගින් වූ කාණ්ඩ හතරක් යටතේ පැවැත්වේ. ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ කසකස්තානය ‘බී’ කාණ්ඩයේ තරග කරති.

ජපානය, දකුණු කොරියාව සහ හොං කොං යන රටවල් ද මෙම තරගාවලියට සහභාගි වෙති.


චීනය, හොං කොං, සහ සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එකම කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි.


තරග කාලසටහන
පිරිමි තරගාවලිය

5 වැනිදා

ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර තරගය පස්වරු 2.52
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තරගය පස්වරු 5.48

කාන්තා තරගාවලිය

5 වැනිදා

ශ්‍රී ලංකාව සහ චීනය අතර තරගය පෙරවරු 10.36
ශ්‍රී ලංකාව සහ හොං කොං අතර තරගය පස්වරු 1.10
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තරගය පස්වරු 4.42
 

 


අදහස් (0)

චීන සත් සාමාජික රග්බි තරග 5-6

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.