Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත්, සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජයත් අතර අද (20 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි අදියර තරගය දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව තිබේ. කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ අවදානමක් ගත නොහැකි බැවින් තරගය කල්දැමූ බව ගුවන් හමුදා ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංවිධානයෙන් පැවැත්වෙන මෙම සුහද රග්බි තරගයේ දෙවැනි අදියර අද (20 වැනිදා) පස්වරු 4.45 ට රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබිණ. තරගාවලියේ පළමු අදියර ඉකුත් සිකුරාදා (13 වැනිදා) පැවැති අතර එහිදී ගුවන් හමුදා රග්බි ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 23-21 ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
ඒ අනුව දෙවැනි අදියර ආරම්භ වීමට පෙර සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට වඩා ලකුණු 2 ක් ඉදිරියෙන් සිටියේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.