Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගැමුණු යොවුන් පිලේ නායකත්වයට

ගැමුණු යොවුන් පිලේ නායකත්වයට

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිදී හෙට (12) ආරම්භ වන ආසියානු වයස 19 න් පහළ රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලේ නායකයා ලෙස මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ගැමුණු චේතිය නම් කර තිබේ. චේතිය මීට පෙර ශ්‍රී ලංකා වයස 18 න් පහළ පිලේ නායකයා ලෙස ද කටයුතු කර තිබේ. 

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් සංචිතයට අන්තර් පාසල් තරගාවලියේ ලීග් ශූරයන් වූ කොළඹ රාජකීය විදුහලේ ක්‍රීඩකයන් අට දෙනකු ඇතුළත්ව සිටීම කැපී පෙනේ. 

 මෙම තරගාවලියට සත්කාරක චීන තායිපේ, ආසන්නතම ශූරයන් වන හොංකොං, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව සහභාගි වෙයි. මෙම තරගාවලියේ ශූරයන්ට ලබන වසරේ ආජන්ටිනාවේදී පැවැත්වෙන වයස 20 න් පහළ ලෝක රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවේ. 

ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වන පළමු තරගය හෙට (12) චීන තායිපේ පිලට එරෙහිව පැවැත්වේ. දෙවැනි තරගය හොංකොං පිලට එරෙහිව ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ජාතික ක්‍රීඩකයකු වන දුෂාන්ත්  ලෙව්කේ මහතාද, සහාය පුහුණුකරු ලෙස මොහොමඞ් මුෂ්තාක් මහතාද, කටයුතු කරති. 


ශ්‍රී ලංකා වයස 19 න් පහළ රග්බි සංචිතය:
ගැමුණු චේතිය (නායක), තරිඳු ද අල්විස්, ශාන් අකිල සහ කේෂාන් කාවින්ද, (මරදාන ශාන්ත ජෝශප් විදුහල), රවින්ද විජේතිලක සහ විශ්ව රණරාජා (මහනුවර ත්‍රිත්ව විදුහල), හිමන්ත හිරුෂාන්, ඉෆාම් ෆාරිද්, ෆාදිල් අදහන්, රිසිත් කවන්ජන, මලීෂ මධුමෙවන්, මුබින් ෆලීල්, කලිඳු නන්දිල සහ ජනිඳු ඩිල්ෂාන් (කොළඹ රාජකීය විදුහල), රෂ්මික චන්ද්‍රරත්න (මහනුවර කිංගස්වුඞ් විදුහල), අදීෂ හඳුන්පතිරණ (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල), ජූලින් චාල්ස්, ජේසන් කරුණාරත්න සහ රුක්‍ෂාන් මධුසංඛ (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල), මොහොමඞ් ශාබිර් සහ ඉෂාර ලියනගේ (කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල), ඩියන් සබාර් (වෙස්ලි විදුහල), රවිඳු අංජුල (කොළඹ ඉසිපතන විදුහල), ඉෂාර හේරත් (මලියදේව විදුහල), තුවාන් ශාමිල් (කොළඹ ලුම්බිණි විදුහල) සහ තරිඳු හෙට්ටිආරච්චි (මහනුවර විද්‍යාර්ථ විදුහල)    

 


අදහස් (0)

ගැමුණු යොවුන් පිලේ නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.