Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවීකරණය කළ කොළඹ තුරඟ තරග පිටිය රග්බි ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමයට පැවරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා අද (05) පැවසීය.
“රග්බි සංගමය හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගෙන් මෙන්ම මගෙන් ද තුරඟ තරග පිටිය රග්බි ක්‍රීඩාවට ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. මා ඒ පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා. නාගරික සංවර්ධන අධිකාරියටයි එහි අයිතිය තියෙන්නේ”
“එය ලබාගැනීමේ කටයුත්තේදී මුදල් ප්‍රශ්නයක් ඇති වුණා. අපි ඒ මුදල් ගෙවලා එය ලබාගන්නවා”
“මෙම ක්‍රීඩාංගණය ජාතික සම්පතක්. ඒ නිසා එය පවත්වගෙන යෑමේ වගකීම ක්‍රීඩා අමාත්‍යංශයට තියෙනවා. ඒ නිසා එය ක්‍රීඩා අමාත්‍යංශයට පවරාගෙන අමාත්‍යංශය හරහා රග්බි සංගමයට ලබාදෙනවා”
“ඒ පිළිබඳව මා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා රග්බි සංගමයට නිලවශයෙන් ක්‍රීඩාංගණයක් නොමැති අතර තුරඟ තරග පිටියේ පුහුණු සැසියක් සඳහා ද ගෙවීම් කළ යුතු බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.