Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කොරෝනා නීති නිසා තවත් තරගයක් අවලංගුයි

කොරෝනා නීති නිසා තවත් තරගයක් අවලංගුයි

editorial - 2021 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ අන්තර්ජාතික රග්බි තරගයක් කොරෝනා වෛරසය සම්බන්ධ සංචාරක නීති රීති හේතුවෙන් අතහැර දැමීමට සිදුව තිබේ.

මෙම තරගය ඔක්තෝබර් මස 30 වැනිදා ඇමරිකාවේ ලාස් වේගාස් නුවරදී පැවැත්වීමට නියමිතව තිබිණ.

ලෝක රග්බි ක්‍රීඩාවේ ප්‍රබලතම කණ්ඩායමක් වන අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය ලබන වසරට කල්දැමීමට එක්සත් ජනපද රග්බි බලධාරීන් තීරණය කර තිබේ.

“ලබන මාසයේදී මේ තරගය පැවැත්වීමට නොහැකි වීම කණගාටුවට කරුණක්... කොහොම වුණත් ලබන අවුරුද්දේ හෝ මේ තරගය පැවැත්වෙනවා නම් හොඳයි. අපි ඒ වෙනුවෙන් පූර්ණ සහයෝගය දෙනවා” යයි අයර්ලන්ත රග්බි පාපන්දු සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී පිලිප් බ්‍රවුන් මහතා පැවසීය.


- 213


අදහස් (0)

කොරෝනා නීති නිසා තවත් තරගයක් අවලංගුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.