Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කී‍්‍රඩකයන් 20 ක් සී. එච්. පිලෙන් ඉවත් වෙයි

කී‍්‍රඩකයන් 20 ක් සී. එච්. පිලෙන් ඉවත් වෙයි

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියට සහභාගි වන කොළඹ ප‍්‍රධානතම රග්බි සමාජයක් වන සී. එච්. ඇන්ඞ් එෆ්. සී. සංචිතය නියෝජනය කළ ක‍්‍රීඩකයන් 20 කට ආසන්න සංඛ්‍යාවක් සංචිතයෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ. සී. එච්. පිලේ කළමණාකරු ලෙස කටයුතු කළ අන්වර් ජායා මහතා එම තනතුරෙන් ඉවත් කරමින් ක‍්‍රීඩා සමාජ සාමාජිකත්වය තහනම් කර ඇති බව ද වාර්තා වේ.

එම කණ්ඩායමේ පුහුණුකරු සහ ක‍්‍රීඩකයන් අතර පැවතියේ යැයි කියන විරසකයක් ක‍්‍රීඩකයන්ගේ ඉවත්ව යෑමට හේතු වී ඇති බව දැනගන්නට තිබේ. මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී සී. එච්. පිලේ පුහුණුකරු සනත් මාටිස් මහතා පැවසුවේ මෙම ක‍්‍රීඩකයන් ඉවත් යෑම කණ්ඩායමට ආශිර්වාදයක් බවයි.

‘‘ඔය කියන තරම් ක‍්‍රීඩකයන් ඉවත් වෙලා නෑ. පසුගිය තරගයට සහභාගි වූ ක‍්‍රීඩකයන් අටක් පමණ නැවතිලා තියෙනවා. නායකයා තරගයකටවත් ක‍්‍රීඩා කළේ නෑ. මේ අයගේ ඉල්ලීම් වැඩි වුණා, තරග දිනන්න  ඕනේ ඉල්ලීම් ලබා ගන්න. අනිද්දා පැවැත්වෙන තරගයට එය බාධාවක් නෑ, මට  ඕනතරම් ක‍්‍රීඩකයෝ ඉන්නවා’’ යැයි මාටිස් මහතා වැඩි දුරටත් පැවසීය.

හිටපු කළමණාකරු අන්වර් ජායා මහතාගෙන් මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ පුහුණුකරු පිළිබඳ ප‍්‍රශ්නයක් හේතුවෙන් ක‍්‍රීඩකයන් 20 ක් පමණ ඉවත්ව ගිය බවත් තමන්ගේ සාමාජිකත්වය තහනම් කර පරීක්‍ෂණයක් පවත්වන බවට දැනුම්දී ඇති බවත්ය.

‘‘ක‍්‍රීඩකයන් මුල සිටම පුහුණුකරු පිළිබඳව පැහැදීමකින් හිටියේ නෑ. ඔවුන් ඉල්ලා සිටියා පුහුණුකරු ඉවත්  කරන ලෙස, මා එය කළමණාකාරිත්වයට දැනුම් දුන්නා. මම මේ ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් ගොඩක් වැඩ කරපු කෙනෙක්, තහනම් කළ මගේ සාමාජිකත්වය වෙනුවෙන් සටන් කරනවා’’ යැයි අන්වර් මහතා වැඩි දුරටත් පැවසීය.

මෙවර තරගාවලියේදී සී. එච්. පිල මෙතෙක් සහභාගි වූ තරග තුනේදී මහනුවර පිල හමුවේ ලකුණු 69-9 කින්, හැව්ලොක්ස් පිල හමුවේ ලකුණු 51-20 කින් සහ පසුගිය සතියේ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල හමුවේ ලකුණු 81-10 කින් පරාජයට පත්විය.

සී. එච්. පිල සහභාගි වන සිවුවැනි තරගය අනිද්දා (08) යුද හමුදා පිලට එරෙහිව දියගම ක‍්‍රීඩාගංණයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (2)

කී‍්‍රඩකයන් 20 ක් සී. එච්. පිලෙන් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.