Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා රග්බි (ආයතනය) සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් දින දෙකකට පෙරදී නිකුත් කරන ලද ගැසට් නිවේදනය හදිසියේම සංශෝධනය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා පත්කරන ලද ක්‍රියාකාරී කාර්ය බලකායේ සාමාජිකයන් දෙදෙනකු ඉවත් කරමින් වෙනත් සාමාජිකයන් දෙදෙනකු ඊට අනුයුක්ත කර තිබේ.
2025 මැයි 22 දින ප්‍රකාශයට පත්කරන ලද අංක 2437/32 දරන ගැසට් පත්‍රය අනුව ශ්‍රී ලංකා රග්බි (ආයතනයේ) ලියාපදිංචිය අත්හිටුවන ලදි. එලෙසින්ම ශ්‍රී ලංකා රග්බි (ආයතනයේ) නිසි බලධාරියා වශයෙන් කටයුතු කළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ආචාර්ය (රියර් අද්මිරාල්) ෂෙමාල් ප්‍රනාන්දු මහතාගේ පත්වීම අවලංගු කර තිබේ.
එම ගැසට් නිවේදනය මගින්ම, ලෝක රග්බි (පරිපාලන ආයතනය) විසින් නිර්දේශ කරන ලද පරිදි නව ශ්‍රී ලංකා රග්බි (ආයතනයට) නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් ක්‍රියාකාරී කාර්ය බලකායක් පත් කර තිබිණ.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක (සභාපති), ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික රොහාන් අබේකෝන් යන මහත්වරු එම ක්‍රියාකාරී කාර්ය බලකායේ සාමාජිකයෝ වූහ.
එසේ වුවත් 2025 මැයි මස 23 වැනිදා (සිකුරාදා) ප්‍රකාශයට පත්කරන ලද සංශෝධිත ගැසට් නිවේදනය අනුව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක සහ සාමාජික රොහාන් අබේකෝන් යන මහත්වරුන් එම ක්‍රියාකාරී කාර්ය සාධක බලකායෙන් ඉවත් කර තිබේ. ඔවුන් දෙදෙනා වෙනුවට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හෆීල් මාසෝ සහ රවීන්ද්‍රනාත් විජේනාදන් යන මහත්වරුන් ක්‍රියාකාරී කාර්ය සාධක බලකායට පත්කර තිබේ.
ක්‍රියාකාරී කාර්ය බලකායේ සභාපතිවරයා වශයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පත්කර තිබේ.
සංශෝධිත ගැසට් නිවේදනය අනුව ක්‍රියාකාරී කාර්ය බලකායට ඇතුළත් වන සාමාජිකයෝ
■ එම්. ආර්. ලතීෆ් මහතා - සභාපති (විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති)
■ සුරේෂ් සුබ්‍රමනියම් මහතා (සභාපති - ජාතික ඔලිම්පික් කමිටුව)
■ ඩිනාල් පිලිප්ස් මහතා (ජනාධිපති නීතිඥ)
■ එම්. එච්. මාර්සෝ මහතා (විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති)
■ රවීන්ද්‍රනාත් විජේනාදන් මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.