Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby එකට වැඩකරන්න බැරිනම් නොසලකා හරිනවාලූ

එකට වැඩකරන්න බැරිනම් නොසලකා හරිනවාලූ

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යංශයේ යෝජනාවට අනුව ඒකාබද්ධ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමේදී මව් සංගමය සමග වැඩකිරීමට පාසල් සංගමය අකමැති නම් පාසල් සංගමය නොසළකා හරින බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලේකම් රිස්වි ඉල්ලියාස් මහතා පවසයි.

”අපිට මුදල් ප‍්‍රශ්නයක් තියෙනවා කියා පාසල් සංගමය කියනවා නම් අපි ඒ අයට එරෙහිව නීතිමය පියවර ගන්න සූදානමින් ඉන්නවා. එහෙම ප‍්‍රශ්නයක් අපිට නෑ, අනිත් දේ තමයි මුදල් ප‍්‍රශ්න නැත්තේ කාටද ඒක සාමාන්‍ය තත්ත්වයක්”

”මේක ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් පැවරූ වැඩක්. මේ අය පසුගිය කාලෙ කළ තරගාවලි දිහා බලන්න. ඒවට නියම සැළසුමක් නෑ, සමහර පාසල් උසාවි යනවා. ඒ නිසා මව් සංගමය හැටියට තරගාවලිය සාර්ථකව කරන්න ක‍්‍රීඩා අමාත්‍යංශය අපිට උපදෙස් දුන්නා”

පාසල් සංගමයේ නිලධාරීන්ට මඩ ගැසීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් එම සංගමයේ  ඕනෑම නිලධාරියකු සමග ඔවුන්ගේ වැඩ පිළිබදව විවාදයකට සූදානම් බවත් ලේකම් රිස්වි ඉල්ලියාස් මහතා වැඩි දුරටත් පැවසීය.  

 


අදහස් (0)

එකට වැඩකරන්න බැරිනම් නොසලකා හරිනවාලූ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.