Last Update  :  2025-06-30 18:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතන ක්‍රීඩකයෝ වෙස්ලි විදුහල පරදවති
ඩයලොග් පාසල් රග්බි

ඉසිපතන ක්‍රීඩකයෝ වෙස්ලි විදුහල පරදවති

editorial - 2022 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ ‘ඒ’ කොටස යටතේ අද (1 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 10-00 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. මෙවර තරගාවලියේදී ඉසිපතන ක්‍රීඩකයන් ලැබූ දෙවැනි ජය මෙය විය. 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට දෙපිලම ලකුණු ලබාගැනීමට අපොහොසත්ව සිටියේය. එහිදී කණ්ඩායම් දෙකටම දඬුවම් පහර බැගින් හිමිවූවත් ඒවා සාර්ථක කරගැනීමට ඔවුහු අපොහොසත් වූහ. 

දැඩි අවවාද සහිත කහ කාඩ්පත් දෙකක් ලැබීම හේතුවෙන් පළමු අර්ධයේ අවසන් විනාඩියේදී රතු කාඩ්පතක් පෙන්වා වෙස්ලි විදුහලේ ෂවීන් ජයවර්ධන තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය. 

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 12 ක් ගතවන විට එනම් තරගයේ 47 වැනි විනාඩියේදී ඉසිපතන විදුහලට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් රිනේෂ් සිල්වා සිය කණ්ඩායම ලකුණු 03-00 ක් ලෙස ඉදිරියට ගෙන ආවේය. 

තරගයේ අවසන් විනාඩියේදී දැඩි පරිශ්‍රමයකින් අනතුරුව උත්සාහක දිනුමක් ලබාගැනීමට ඉසිපතන විදුහලේ වෑවල පණ්ඩිත් සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් රිෂේන් සිල්වා සිය කණ්ඩායමේ ජයග්‍රහණය ලකුණු 10-00 ක් ලෙස ඉහළ දැමුවේය. 

දෙවැනි අර්ධයේදීද වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ අතර අපරික්ෂාකාරී ක්‍රීඩා විලාශය හේතුවෙන් එහිදීද ඔවුන්ට කහ කාඩ්පත් දෙකක් හිමිවිය. 

(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහෙයනි)


අදහස් (0)

ඉසිපතන ක්‍රීඩකයෝ වෙස්ලි විදුහල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.