Last Update  :  2025-07-02 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ආනන්දයට ලකුණු 30-27ක ජයක්
අන්තර් පාසල් රග්බි

ආනන්දයට ලකුණු 30-27ක ජයක්

editorial - 2025 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

අන්තර් පාසල්ලීග් රග්බි ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරඟයක් වශයෙන් නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවති කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් පිලත් ආනන්ද විදුහල්පිලත් අතර තරඟයෙන් ලකුණු 30-27ක ජයක් වාර්තා කිරීමට ආනන්ද විදුහල් පිල සමත් විය.

ජයග්‍රාහී ආනන්ද පිල ගෝල දිනුම් 03ක් සහ දඬුවම් 03ක් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළ අතර ශාන්ත අන්තෝනි පිලගෝල දිනුම් 02ක් දඬුවම් පහර 02ක්සහ එක් දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේය.

මෙම තරගය තර්ස්ටන් විදුහල ජයගත්ත ද ඔවුන්ට ප්‍රසාද ලකුණු ලබා ගැනීමේ අවස්ථාව අහිමි වූ අතර පරාජිත අන්තෝනි පිල ප්‍රසාද ලකුණු හිමිකර ගැනීම ද විශේෂත්වයකි. තරඟය නිමාවීමට මොහොතක් තිබියදී අන්තෝනි පිලට ගෝල කණු ආසන්නයේම දඬුවම් පහරක් හිමි වූ අතර එය ලබා ගත්තා නම් 30-30 ක් වශයෙන් ලකුණු සම කර ගැනීමට අවස්ථාව තිබූණත් එය ලබා නොගෙන උත්සාහක දිනුමක් කරා යාමට තැත්කිරීම හේතුවෙන් පරාජය වීමට සිදුවිය.

මෙම තරඟය අතරතුර අවස්ථා කිහිපයකදීම දෙපිලේ ක්‍රීඩකයන් අතර ගැටුම් ඇති වූ අතරඅවස්ථා කිහිපයකදීම තරඟය විනාඩි කිහිපයකට නතර කිරීමටදසිදු විය. 

තරඟ විනිසුරු සුරංග අරුණ ශාන්ත මහතාදෙපිලේ ක්‍රීඩකයන්ට අවස්ථා කිහිපයකදීම දැඩි අවවාද කිරීමට සිදුවූ අතර ශාන්ත අන්තෝනි ක්‍රීඩකයකු රතු කාඩ් අවවාදයකින් ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමටද පියවර ගත්තේය.

ජයග්‍රාහී තර්ස්ටන් පිල වෙනුවෙන් ජනිත පෙරේරා, සීමාල් විමලසූරිය සහ දිනෙත් චමුදිත යන ක්‍රීඩකයන් එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළ අතර දිනෙත් චමුදිත ප්‍රවර්තන 03ක් සහ දඬුවම් පාර 03ක් සාර්ථක කර ගත්තේය.

අන්තෝනි පිල වෙනුවෙන් ඔමිත දිසානායක උත්සාහක දිනුම් 02ක්ද, කල්ප ලක්මිණ සහ රන්දිල් පෙරේරා එක් උත්සාහක දිනුම බැගින් ද වාර්තාතා කළේය. කල්ප ලක්මිණ ප්‍රවර්තන 02ක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.


අදහස් (0)

ආනන්දයට ලකුණු 30-27ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.