Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ආදි ශිෂ්‍ය රග්බි සැණකෙළිය 14 -15

ආදි ශිෂ්‍ය රග්බි සැණකෙළිය 14 -15

ශනුක අරවින්ද - 2014 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩා කරන ප‍්‍රධානතම පාසල්වල ආදි ශිෂ්‍ය රග්බි කණ්ඩායම් සහභාගි වන සත් සාමාජික ටැග් රග්බි තරගාවලිය මේ මස 14 සහ 15 දෙදින කොළඹ හැව්ලොක්ස් රග්බි පිටියේදී පැවැත්වේ. ‘රග්බි රම්බල් 2014’ යනුවෙන් නම්කර ඇති මෙම තරගාවලිය දින දෙකේම පස්වරු 3.00 සිට මධ්‍යම රාත‍්‍රිය දක්වා පැවැත්වීමට නියමිතය.

වයස 35 ට වැඩි සහ වයස 25 ට වැඩි ලෙස වයස් කාණ්ඩ දෙකකින් තරගාවලිය පැවැත්වෙන අතර ක‍්‍රීඩා කරන හත් දෙනාට ක‍්‍රීඩකයන් පස්දෙනකු සහ ක‍්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළත් විය යුතුය.

මෙවර අන්තර් සමාජ පළමු කොටසේ ලීග්, පිළිමළුන් පිටු දැකීමේ සහ සත් සාමාජික යන තරගාවලිවලට සහභාගි වූ ක‍්‍රීඩකයන්ට මෙම තරගාවලියට සහභාගි විය නොහැකිය. එසේ වුවත් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩිකාවකට වුවද මෙම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව තිබේ.

ඉසිපතන, ශාන්ත පීතර, මරදාන සහිරා, කටුගස්තොට ශාන්ත අන්තෝනි, මහනුවර ත‍්‍රිත්ව, කොළඹ රාජකීය, ගල්කිස්ස සාන්ත තෝමස්, මරදාන ශාන්ත ජෝශප්, මහනුවර ධර්මරාජ, කොළඹ ආනන්ද, වෙස්ලි, මහනුවර කිංග්ස්වුඞ්, කොළඹ ඞී. එස්. සේනානායක සහ ගල්කිස්ස විද්‍යා යන විදුහල්වල ආදි ශිෂ්‍ය කණ්ඩායමක් ද, ඊට අමතරව ඒකාබද්ධ කණ්ඩායම් දෙකක් ද, තරගාවලියට සහභාගි වීමට නියමිතය. තරගාවලියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැුසක් සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන ජාත්‍යන්තර රග්බි විනිසුරු ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ තරගාවලි දෙකම කුසලාන, පළඟ, බඳුන සහ පළිහ යන ශූරතා සදහා පැවැත්වෙන බවත් රුපියල් ලක්‍ෂ 7 ක පමණ මුදල් ත්‍යාග පිරිනැමෙන බවත්ය.

කුසලාන ශූරතාව සදහා රුපියල් 250,000 ක් ද, අනු ශූරතාව සදහා රුපියල් 100,000 ක් ද, පිරිනැමීමට නියමිතය.

රග්බි ක‍්‍රීඩා ලෝලින්ට සහ තරගවලට සහභාගි වන ක‍්‍රීඩකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට විනෝද වීමට හැකි වන පරිදි සැණකෙළියක ස්වරූපයට තරගාවලිය සංවිධානය කර තිබේ.

ඩිමෝ, එච්.එස්.බී.සී., කොකා කෝලා, ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සහ ගල්කිස්ස හෝටලය තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයෝ ලෙස කටයුතු කරති.

 


අදහස් (0)

ආදි ශිෂ්‍ය රග්බි සැණකෙළිය 14 -15

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.