Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අවසන් මොහොතේදී යුද හමුදාව ජයගනී

අවසන් මොහොතේදී යුද හමුදාව ජයගනී

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදා පිල සහ පොලිස් පිල අතර දියගම ක‍්‍රීඩාගංණයේදී අද (18) පස්වරුවේ පැවැති තරගයෙන් යුද හමුදා පිල ලකුණු 15 - 14 ක තියුණු ජයක් ලැබීය.


ජයග‍්‍රාහි යුද හමුදා පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලැබූ අතර පොලිස් පිල උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු ලැබීය.


පොලිස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 3-0 ක් ලෙස පෙරමුණේ පසුවිය. තරගයේ 60 වැනි මිනිත්තුව අවසන් වන විටත් පොලිස් පිල ලකුණු 3-0 ක් ලෙස පෙරමුණේ පසුවුවද, අවසන් විනාඩි කිහිපයේදී යුද හමුදා පිල ගෝලයකින්, ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලබාගනිමින් පොලිස් පිල ආසන්නයටම පැමිණියේය. අවසන් මොහොතේ යුද හමුදා පිල උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ජය ලැබීය. 
 


අදහස් (0)

අවසන් මොහොතේදී යුද හමුදාව ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.