Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ හයවැනි සතියේදී මහනුවර පිල සහ හැව්ලොක්ස් පිල අතර නිත්තවෙලදී පැවැත්වෙන ලබන ඉරිදා (16 වැනිදා) පැවැත්වීමට නියමිත තරගය වඩාත් තීරණාත්මක වී තිබේ.
මෙවර තරගාවලියේදී මහනුවර පිල මෙන්ම හැව්ලොක්ස් පිලද අපරාජිතව සිටීම නිසා මෙම තරගය ජය ලබන කණ්ඩායමට අපරාජිත වාර්තාව රැකගැනීමේ අවස්ථාව ලැබේ. මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායමට බොහෝ විට පළමු වටයේදී අපරාජිතව සිටීමේ අවස්ථාව උදාවේ.
මහනුවර ක්‍රීඩා සමාජ පිලේ කළමනාකරු කපිල සිල්වා මහතා පැවසුවේ තම කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් ඉතාමත් හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බවයි.
“අපේ කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රීඩකයො ඉන්නවා. ඒ නිසා අපිට මේ තරගය පිළිබඳව විශේෂ ගැටලුවක් නෑ. තවත් තරගයක් හැටියට ක්‍රීඩා කරන්න තමයි අපි බලපොරොත්තු වෙන්නේ”
“අපේ ඉදිරි පෙළ පිළිබඳව තරමක ප්‍රශ්නයක් තිබුණා. නමුත් පසුගිය තරගයේදී අපේ ඉදිරි පෙළ ශක්තිමත්ව ක්‍රීඩා කරලා පෙන්නුවා. දැන් ඒ ගැටළුවත් නෑ. තරගය නිත්තවෙලදී පැවැත්වීමත් අපිට වැදගත් වෙලා තියෙනවා” යැයි කපිල මහතා වැඩි දුරටත් පැවසීය.
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ පිලේ පුහුණුකරු සනත් මාටිස් මහතා පැවසුවේ තම කණ්ඩායමේ තරු පංතියේ ක්‍රීඩකයන් නොමැති වුවද ප්‍රබල අභියෝගයක් යොමු කිරීමට සූදානමින් සිටින බවයි.
“මහනුවර පිලට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් රැසක් එකතුව සිටිනවා. අපේ කණ්ඩායමේ එවැනි ක්‍රීඩකයන් නොමැතිව අපි තරග පහම ජයගෙන ඉන්නේ. ඒ නිසා මේ තරගය පිළිබඳව බලාපොරොත්තු තබා සිටින්නේ”
“මහනුවර පිලට තරු පංතියේ ක්‍රීඩකයන් සිටින නිසා අපි ළඟ සුවිශේෂි සැලැස්මක් තියෙනවා. අපි පිටු පසින් පැමිණ පීඩනය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි මාටිස් මහතා වැඩි දුරටත් පැවසීය.
හයවැනි සතියේ තරග ආරම්භ කරමින් සී. ආර්. පිල සහ ගුවන් හමුදා පිල අතර තරගය ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
හයවැනි සතියේ තරග කාලසටහන (පස්වරු 4.00)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.