Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඒරන් ෆින්ච්ගේ (156) ප‍්‍රචණ්ඩ පිතිහරඹය නිසා ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන තරග දෙකකින් සමන්චිත වි:20 කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (29 වැනිදා) පැවති පළමු කි‍්‍රකට් තරගයෙන් ලකුණු 39ක ජයක් ලබා ගැනීමට ඕස්ටේ‍්‍රලියානුවෝ සමත් වූහ. මෙම තරගය සදම්ප්ටන්හි රෝස් බෝල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් ඒරන් ෆින්ච් පන්දු 63 කදී හයේ පහර 14ක් සහ හතරේ පහර 11ක් සමගින් ලකුණු 156ක් ලබා ගනිමින් ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 248 ක් කරා කැඳවාගෙන ගියේය. ජේඞ් ඩර්න්බැච් ලකුණු 34කට කඩුලූ 3ක් ලබා ගැනීමට සමත් වූහ.
මෙම තරගයේදී ඒරන් ෆින්ච් ලබාගත් ලකුණු 156 වි:20 අන්තර්ජාතික තරගයකදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වේ.
ලකුණු 249 ක් හඹා යාමේදී ජෝ රූට් පන්දු 49 කදී නොදැවී ලකුණු 90ක් ලබා ගත් නමුත් එංගලන්තයට ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 209ක් පමණි.
ඕස්ටේ‍්‍රලියාව . ඕවර 20 කදී කඩුලූ 6ක් දැවී ලකුණු 248
(ආරොන් ෆින්ච් 156, ශේන් වොට්සන් 37, ජේඞ් ඩර්න්බැච් 34/3)
එංගලන්තය . ඕවර 20 කදී කඩුලූ 6ක් දැවී ලකුණු 209
(මයිකල් ලම්බ් 22, ජෝ රූට් නොදැවී 90, රවී බොපාරා 45, ජොස් බට්ලර් 27, ජෝස් හසල්වුඞ් 43/2, මිචෙල් ජොන්සන් 41/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.