වෙළඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “රාම් රත්නවෙල් අනුස්මරණ” තරගාවලියේ අවසන් මහ තරග අද (11වැනිදා) සිට 14 වැනිදා දක්වා කොළඹ හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ මස අවසානයේ ආරම්භ වන දකුණු ආසියා කලාපීය පැසිපන්දු තරගාවලිය සඳහා ක්‍රීඩකයන් සහභාගී වීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ‘ඒ ’ කාණ්ඩයේ පිරිමි තරගය ඉවත් කිරීමට සංවිධායකවරු තීරණය කර ඇත.
ජෝන් කීල්ස් හා කැන්රිච් මූල්‍ය ආයතනය “බී” කාණ්ඩයෙනුත්, රනවනා ආරක්ෂක කණ්ඩායම හා සෙලාන් බැංකුව “සී” කාණ්ඩයෙනුත්, වර්තුසා සහ එච්.එස්.බී.සී. “ඩී” කාණ්ඩයෙන් මෙවර පිරිමි අංශයෙන් අවසන් මහා තරගවලට සහභාගි වනු ඇත.
කාන්තා අංශයෙන් හැටන් නැෂනල් බැංකුව සහ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම “ඒ” කාණ්ඩයෙනුත්, මාස් හෝල්ඩින් සහ ඬේවිඞ් පීරීස් මෝටර් සමාගම යන කණ්ඩායම් “බී” කාණ්ඩයෙනුත් අවසන් මහා තරයේදී තරග වදිනු ඇත.
මෙවර තරගාවලියේදී පිරිමි කාණ්ඩ 5 ක් සඳහා කණ්ඩායම් 29ක් ඉදිරිපත් වූ අතර කාන්තා අංශයෙන් මෙවර ඉදිරිපත් වී ඇත්තේ කණ්ඩායම් 5ක් පමණි.
පසුගිය වසරේ පැවැති තරගාවලියේදී පිරිමි ශූරතා දිනාගත්තේ කොමර්ෂල් ක්‍රෙඩිට් “ඒ” කණ්ඩායම, ඩයලොග් ආසියාටා කණ්ඩායම, කොමර්ෂල් ක්‍රෙඩිට් “බී” කණ්ඩායම, සොෆ්ට්ලොජික් හෝල්ඩින් කණ්ඩායම සහ යූනියන් බැංකු කණ්ඩායම පිළිවෙලින් “ඒ” “බී” “සී” “ඩී” හා “ඊ” යන කාණ්ඩවලිනි.
හැටන් නැෂනල් බැංකුව සහ එන්.ඩී.බී. කාන්තා කණ්ඩායම් පිළිවෙලින් “ඒ” හා “බී” කාණ්ඩවලින් ගියවර ශූරියෝ බවට පත් වූහ.
තරග කාල සටහන
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.