Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ‘බී‘ කාණ්ඩයේ චෙස් ශූරතාවලිය 7 දා සිට

‘බී‘ කාණ්ඩයේ චෙස් ශූරතාවලිය 7 දා සිට

editorial - 2024 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ‘බී‘ කාණ්ඩයේ චෙස් ශූරතාවලිය මාර්තු මස 7 වැනිදා සිට 12 වැනිදා දක්වා නුගේගොඩ සංහිඳ විවේකස්ථානයේදී පැවැත්වේ. දිස්ත්‍රික් මට්ටමෙන් තෝරා ගැණුනු  සහ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය සපුරාගත් ක්‍රීඩක  ක්‍රීඩිකාවන් අතර පමණක් මේ තරගාවලිය පැවැත්වේ.

තරගාවලිය තරග වට දහයකින් සමන්විතය. එම තරග වටවලින් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ මත තරගාවලියේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් තෝරා ගනු ලැබේ.

පිරිමි තරගාවලියේ ශූරතාව සදහා මුදලින් රුපියල් 100,000 ද අනු ශූරතාව සදහා මුදලින් රුපියල් 60,000 ක්ද තෙවැනි ස්ථානය සදහා මුදලින් 40,000 ක්ද පිරිනැමේ. කාන්තා ශූරතාව සදහා මුදලින් රුපියල් 60,000 ක් ද අනු ශූරතාව සදහා මුදලින් රුපියල් 40,000 ක්ද තෙවැනි ස්ථානය සදහා මුදලින් රුපියල් 30,000 ක් ද පිරිනැමේ. ජයග්‍රාහක,ජයග්‍රාහිකාවන් සදහා රන්,රිදී හා ලෝකඩ පදක්කම් ද පිරිනමනු ලැබේ.

මේ තරගාවලියේ තෝරා ගන්නා ලබනු ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පමණක්  ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලිය සදහා සුදුසුකම් ලබා ගන්නා බවද ශ්‍රී ලංකා චෙස් සම්මේලනය නිවේදනය කරයි.


අදහස් (0)

‘බී‘ කාණ්ඩයේ චෙස් ශූරතාවලිය 7 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.